1 C
New York

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක්. හමුදාවේ 05ක් මරුට

Published:

ඉන්දීය හමුදා සාමාජිකයන් 05 දෙනකු ත්‍රස්ත ප්‍රහාරයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

කාශ්මීරයේ, හිමාල කඳුකර ප්‍රදේශයේ මේ ප්‍රහාරය සිදුව ඇත. ප්‍රහාරයෙන් තවත් සෙබළුන් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.

හමුදා සෙබළු ප්‍රවාහනය කරන රථයක් ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී අධික වර්ෂාවව සහ මීදුම් තත්වයක් පැවති බවද කියයි. ප්‍රහාරය එල්ල කරන ලද්දේ කවර කණ්ඩායමක් විසින් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

Related articles

Recent articles

spot_img