spot_img
spot_imgspot_img

‍ආධාර ලබාගැනීමට ගොස් 78දෙනකු මරුට

පුවත්

විදෙස්

යේමනයේ අගනුවර වන සනා හි ආධාර ලබා ගැනීම සඳහා පාසලකට රැස්ව සිටි පිරිසක් තෙරපීමට ලක්වීමෙන් 78දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මියගිය අය අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බවත් තුවාල ලැබූ අය අතරින් 13දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් බලධාරීහු පවසති.

රාමසාන් උත්සවය වෙනුවෙන් පුණ්‍යාධාර බෙදාදීම මෙහි සිදුකර ඇති අතර එක් පුද්ගලයෙකුට ඩොලර් 9 (පවුම් 7) ක පමණ පරිත්‍යාග ලබා ගැනීම සඳහා සිය ගණනක් ජනයා පාසලට රොක් වී සිටියහ.

යේමනයේ අට අවුරුදු සිවිල් යුද්ධය ආරම්භයේදී එනම් 2015 දී රජය පලවා හැරීමෙන් පසු කැරලිකාර හවුති ව්‍යාපාරය නගරය පාලනය කරයි.

සිද්ධියට වගකිවයුත්තන් රඳවාගෙන ඇති බව ප්‍රාදේශීය හවුති බලධාරීහු පවසති – නමුත් ඇසින් දුටුවන් පවසන්නේ වසර ගණනාවක් නගරය පාලනය කළ කැරලිකාර කණ්ඩායමේ සටන්කරුවන්, රැස්ව සිටි පිරිස පාලනය කිරීමේ උත්සාහයක් ලෙස අහසට වෙඩි තැබූ බවයි. එහිදී විදුලි රැහැනකට වෙඩි වැදී පිපිරීමක් සිදුවූ බවත් එයට කලබල වූ ජනතාව දිවයෑමත් සමග තෙරපීමෙන් අනතුරු සිදුවූ බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

https://www.reuters.com/world/middle-east/least-78-people-killed-stampede-yemeni-capital-houthi-run-tv-2023-04-19/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!