10.2 C
New York

ගින්නෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහළට

Published:

චීනයේ බීජිං නගරයේ රෝහලක ඇතිවූ ගින්‍නෙන් මිය ගිය සංඛ්‍යාව 29ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.

රෝහල් බලධාරීන් පවසන්නේ මියගිය 29දෙනාගෙන් 26දෙනකු රෝගීන් බවයි. අනතුරින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද පොලිසිය පවසයි.

චියැංෆෙන්ග් රෝහලේ හටගත් මෙම ගින්න, චීනයේ මෑත වසර වලදී හටගත් මාරන්තිකම ගිනි ගැනීම් වලින් එකක් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ප්‍රතිසංස්කරණය කරමින් පැවති වාට්ටුවක සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී තිබේ.

ගින්නෙන් මියගිය හෝ තුවාල ලැබූ අය පිළිබඳ වාර්තා නිකුත් කිරීසමට ප්‍රමාද වීම හේතුවෙන් ඥාතීන්ගේ කනස්සල්ල හා කෝපය රෝහල් බලධාරීන් වෙත එල්ලවී ඇත. පැය අටකට පසුවත් තුවාල ලැබූ හෝ මියගිය අයගේ නම් සඳහන් කිරීමට රෝහල් නිලධාරීන්ට නොහැකි වූ බව ඔවුහු පැවසූහ.

පොලිසිය පවසන්නේ අනතුර සමිබන්දව ප්‍රශ්න කිරිම සඳහා රෝහල් අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියා ඇතුලු 12දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සමාජ මාධ්‍යවල දර්ශනවල දැක්වෙන්නේ රෝහල් ගොඩනැගිල්ලෙන් ඝන දුමාරයක් පිටවීමත් සමඟ රෝගීන් ජනේලවලින් පැන පලා යන ආකාරයයි. 

https://www.bbc.com/news/world-asia-china-65320160

Related articles

Recent articles

spot_img