3.9 C
New York

දඹුල්ලේ දැරියක් රවටාගෙන කතරගම දී වධහිංසා කළ තරුණයකු අත්අඩංගුවට

Published:

දඹුල්ල ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක කතරගම පිහිටි තම නිවසට ගෙන්වාගෙන අමානුෂික ලෙස වධ හිංසා කරමින් අතවර කළ 27 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම දැරිය විසින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දුන් ඇමතුමක් අනුව පොලිසිය ඇය රඳවා සිටි ස්ථානය සොයා ගොස් ඉරිදා (16) ඔහු අත්අඩංගුවට ගෙන දැරිය පොලිස් භාරයට ගෙන ඇත. පොලිසිය සඳහන් කරන්නේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇය කතරගම රෝහලට ඇතුළත් කළ බවයි.

දඹුල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ ඇය 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබීමෙන් පසු පාසල් ගොස් නැත. සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ තරුණයා සමඟ අදහස් හුවමාරුකරගත් බවත්, මාස කිහිපයකට ඉහත දී කිසිවෙකුට නොදන්වා එම තරුණයා සමඟ කතරගම ප්‍රදේශයේ ඔහුගේ නිවසට පැමිණ එහි සිටි බවත් බාලවයස්කාර දැරිය පොලිසියට කරන ලද ප්‍රකාශයේ සඳහන් වේ.

කතරගම පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img