-1 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 14,591ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,292ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 09ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,405ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 372
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 188
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 166

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05
  • මාරවිල රිසෝට් සමාගම (X)  කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X)   33%
  • නේෂන් ලංකා සමාගම 25%
  • අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 5.5ක් රුපියල් 135.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 200,000ක් රුපියල් 180.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 341
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 220ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 145 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 75ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 64
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 38
  • ටෝකියෝ සිමෙන්ති  සමාගම (X)  රුපියල් මිලියන 25

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 73
  • එච්එන්බී බැංකුව රුපියල් මිලියන 08
  • සෙලාන් බැංකුව රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img