ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ ඩැඩේවිල් නගරයේ උපන්දින සාදයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් හතරදෙනකු ජීවිතක්ෂයට පත්වී 28 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවල ලැබූවන්ගෙන් කිහිපදෙනකු බරපතල තත්ත්වයේ පසුවන බවයි.
3,200 ක පමණ ජනගහනයක් සිටින ඩැඩෙවිල් කුඩා ග්‍රාමීය නගරයක් වන අතර එහි මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා මින්පෙර වාර්තා වී නොමැති බව සඳහන් වේ.
ඇලබාමා යනු පුරවැසියන්ට තුවක්කු හිමිකර ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රසිද්ධ ප්‍රාන්තයකි.
කෙසේවුවද මෙම සිද්දිය වාර්තා වීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තුවක්කු නීති දැඩි කිරීම සඳහා වූ ඉල්ලීම් අලුත් කළේය.
“දරුවන්ට බයක් නැතුව උපන්දින සාදයකට යන්න බැරි අපේ ජාතියට මොකද වෙලා තියෙන්නේ?” ධවල මන්දිරය විසින් ඉරිදා නිකුත් කරන ලද නිවේදනයක Biden මහතා විමසා සිටියේය.
2023 වසරේ මේ දක්වා ඇමරිකාවේ මෙවැනි වෙඩි තැබීමේ සිද්ධි 160ක් පමණ සිදුවී ඇතැයි එරට ජාතික ලේඛනාගාරය පවසයි.