4 C
New York

ශ්‍රී ලංකාව පහරදීම තෝරාගනී

Published:

ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීම තෝරා‍ගත්තේය.

ඒ අනුව මීට සුළු වේලාවකට පෙර තරඟය ආරම්භ විය. නායක දිමුත් කරුණාරත්න සමඟ නවකයකු වන නිෂාන් මදුශංක ඉනිම ආරම්භ කළේය.

අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරඟය මෙයයි. 2017 වර්ෂයේ දී ටෙස්ට් වරම් දිනාගත් අයර්ලන්තය මේ වනවිට ටෙස්ට් තරඟ 04කට සහභාගී වී එම තරඟ 04ම පාරාජයට පත්ව තිබේ.

මෙම තරඟය ශ්‍රී ලංකා ක්‍රීඩාං ලෝලීන්ට නොමිළයේ ම නැරඹීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් අවස්ථාව ලබා දී තිබේ.

මාධ්‍යවෙත අදහස් දැක්වූ දිමුත් කරුණාරත්න කියා සිටියේ “ගාල්ල ක්‍රීඩාංගණය අපිට ගෙදර වගේ. මේක අපේ රස්සාව. අවුරුදු නැකතටත් අපි අපේ රස්සාවට සූදානම් වුණා. නවසීලන්තයේ ශීතල දේශගුණික තත්වයේ ඉදලා අපේ ර‍ටට ආවත් ඒ තත්වයට හුරු වෙන්න ඕනෑ. ඒ නිසා සියලුම ක්‍රීඩකයන් පුහුණුවීම්වල දින ගණනාවක් යෙදුණා. අපි හිතන්නේ අපිට කරන්න පුළුවන් දේවල් ගැන විතරයි. හැම ක්‍රීඩකයකුට ම ඕන ලකුණු ලබාගන්න. කඩුළු ලබාගන්න. අපේ මූලික 11ත් එක්ක රමේෂ්ටයි ප්‍රභාත්ටයි වැඩි අවස්ථාවක් තියෙන්නේ මුලින්ම තරගය සෙල්ලම් කරන්න. දුෂාන් හේමන්ත මම හිතන විදිහට හොඳ පන්දු යවන්නෙක්. හොඳ පාලනයක් තියෙන වමතින් පන්දු යවන්නෙක්. අපි අනිවාර්යෙන්ම අවස්ථාවක් දෙන්න බලාපොරෝත්තු වෙනවා තරග දෙකක් තියෙනවා. පළවෙනි තරයේදී හරියටම කියන්න බැහැ ඔහුට ක්‍රීඩා කරන්න ලැබෙයිද?  කියලා. දෙවන තරගයේදී අවස්ථාවක් දෙන්න පුළුවන් මොකද අපිත් ඒ ගැන සලකලා බලනවා. ඔහුට අවස්ථාවක් ලබාදෙන්න. ඔහු කරලා තියෙන දේවල් එක්ක ඒ තරගාවලින් එක්ක ඔහු තරගයක් ක්‍රීඩා කරන්න හොඳ තත්ත්වයක ඉන්නවා” යනුවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂඥ පිතිකරුවන් 07 දෙනකු සහ පන්දු යවන්නන් 04 දෙනකු සමඟ තරඟ කරයි.

Related articles

Recent articles

spot_img