ගාල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

පුවත්

විදෙස්

ගාල්ල, දඩල්ලේ  සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ දඩල්ල මහමුදලි මාවත පදිංචි නොරගල් රොෂාන් නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

දඩල්ල ප්‍රදේශයේ ඊයේ (15) පැවැති අවුරුදු උත්සවයකින් අනතුරුව රාත්‍රී කාලයේ පැවැති සංගීතයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව තිබේ. පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයා ඉලක්ක කරගෙන වෙඩි තැබීම සිදුවන්නට ඇති බවයි.

පොලිසිය පවසන්නේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුව ඇති බවයි. මියගිය පුද්ගලයා සහ සැකකරුවන් අතර කාලයක සිට තිබූ ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවත් සැකකරු මියගිය පුද්ගලයාගේ ඥාතියකු බවත් පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් දෙ‍දෙනකු තුවාල ලබා ඇති අතර එම දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු මියගිය බව ද පොලිසිය පවසයි.

ගාල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles