spot_img
spot_imgspot_img

පුද්ගලික ණය හිමියන් ශ්‍රී ලංකාවට අවස්ථාවක් දෙයි ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති පුද්ගලික ණය හිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය යෝජනාවක් ඉදිරිපත්කර තිබේ. එහි සඳහන් කරුණු මෙතෙක් මාධ්‍යයට හෙළ කර නැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පුද්ගලික ණය හිමිකරුවන් සතු බැඳුම්කරවල වටිනාමක ඇමෙරිකානු ඩොලර් බිලියන 12කි.

මේ අතර ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ඊයේ වොෂිංටන්හි දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැළැස්ම ප්‍රකාශයට පත්කර තිබිණි.

ශ්‍රී ලංකාවට යොමු කර ඇති පුද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවට ණය හිමියන් 30 දෙනකු පමණ ඇතුළත් බව ද වාර්තා වේ.

මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ නිලධාරීන් සහ පුද්ගලික ණය හිමියන් අතර වොෂිංටන් හිදී සාකච්ඡාවක් ද පැවැත්විණි. එම සාකච්ඡාව සඳහා මූල්‍ය උපදේශකවරු ද සහභාගී වූ බව සඳහන් වේ.

වොෂිංටන් හි දී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංගුවේ රැස්වීම අතරවාරයේ දී ලෝක බැංකුවේ උප සභාපපති මාර්ටින් රේසර් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින අවදානමට ලක් වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරණු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියලු කරුණු සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බවයි.

මෙම හමුවේදී පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව මෙන්ම අපනයන මුල් කරගත් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර පිළිබඳව සාකච්ඡා කළ බවද වාර්තා වෙයි. 

ජාත්‍යන්තර ණයහිමියන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර තවත් සාකච්ඡා වටයක් මෙම මස අගදී පැවත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ග වැඩපිළිවෙල සහ සැලැස්ම පිළිබඳවද සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!