-2.5 C
New York

අවුරුදු මේසේ වියදම 2.4 ගුණයකින් වැඩි වෙලා

Published:

කොරෝනා වසංගතය හේතුවෙන් රට සම්පූර්ණයෙන් හෝ ‍ප්‍රදේශ වශයෙන් වසා දැමීමට පෙර අවසන්වරට සමස්ත ශ්‍රී ලංකාවට එක සේ අවුරුදු සැමරූ 2019 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී අවුරුදු කැවිලි මේසයක් සඳහා වැය කිරීමට සිදුවන මුදල 2.4 ගුණයකින් ඉහළ ගොස් ඇත.

මේ බව අනාවරණය කරන්නේ publicfinance.lk විසිනි. ඔවුන් කර ඇති ගණනය කිරීම් සඳහා භාවිතා කර ඇත්තේ අමුද්‍රව්‍යවල පිරිවැය වියදම් පමණි. ගෑස් සහ විදුලි පිරිවැය මේ ගණනය කිරීමේ දී යොදාගෙන නැත. ඒ ඒ ආහාර ද්‍රව්‍ය සැකසීම සඳහා publicfinance.lk විසින් Appe Amma YouTube නාලිකාවේ ඇති කැවිලි සාදන ආහාර ව‍ට්ටෝරු පදනම් කරගෙන ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 HIES වාර්තාවට අනුව මේ වියදම් සැකසීමේ දී කැවිලි 04 දෙනකු සිටින නිවසක කැවිලි මේසයක් ලෙස උපකල්පනය කර ඇත.

ඒ අනුව කැවිලි මේසයට සිදුවූ දෙය පහතින් දැක්වේ.

වර්ගය සහ ප්‍රමාණය2019 අප්‍රේල්2023 මාර්තුවියදම වැඩිවී ඇති ප්‍රමාණය
කොකිස් (20)149.00381.002.6 x
කෙසෙල් (කිලෝ ග්‍රෑම් 01)94.00254.002.7 x
කිරිබත් (කෑලි 10)72.00162.002.2 x
අලුවා (කෑලි 15)124.00254.002.0 x
බටර් කේක් (කිලෝ ග්‍රෑම් 01)370.00910.002.5 x
කැවුම් (20)723.001,674.002.3 x
දොදොල් (කිලෝ ග්‍රෑම් 01)452.00978.002.2 x
මුං කැවුම්192.00522.002.7 x

Related articles

Recent articles

spot_img