-2.5 C
New York

ත්‍රිකුණාමලයට ආ ආගන්තුක ද්‍රව්‍ය දැඩි පරීක්ෂාවකට

Published:

ත්‍රිකුණාමලය වෙරළට ගොඩගසා තිබූ ආගන්තුක ද්‍රව්‍ය සාම්පල පරීක්ෂණ සඳහා යොමුකළ බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසයි.

මෙම ආගන්තුක ද්‍රව්‍ය තාර වැනි ස්වභාවයක් ගන්නා බවත්, එය නැවකින් පිටකරන ලද කිසියම් අපද්‍රව්‍යයක් දැයි සොයා බලන බවත් එහි නිලධාරීන් පවසයි. මෙම ආගන්තුක ද්‍රව්‍ය සාම්පල පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ත්‍රිකුණාමලයට ගොස් සාම්පල රැස්කරගෙන තිබූ අතර කොළඹ දී රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට ද නියමිතය.

මේ අතර ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා තිබූ නෞකාවක් මෙම අපද්‍රව්‍ය පිටකරන්නට ඇතැයි යන සැකය මත එම නෞකාව පරීක්ෂා කිරීමට ද විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

එවැනි ද්‍රව්‍ය මුහුදට මුදා හරින නැව්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව MEPA පවසයි.

Related articles

Recent articles

spot_img