1.4 C
New York

විගණන සේවා කොමිසමේ සාමාජිකයෝ දිවුරති

Published:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට අනුව පත්කෙරුණු විගණන සේවා කොමිෂන් සභාවේ සාමාජික සාමාජිකාවෝ අද (10) කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්හ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් තෝරාගන්නා ලද විගණන කොමිෂන් සභා නව සාමාජික සාමාජිකාවන් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුමැතිය බාදීමෙන් පසු මෙලෙස දිවුරුම්දීම සිදු කෙරිණි.

විගණන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපති ඩබ්ලිව්. පී.සී  වික්‍රමරත්න නිල බලයෙන් තේරී පත්විය. එහි අනිකුත් සාමාජිකයන් ලෙස විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, නන්දසීලී ගොඩකන්ද, ඥාණනන්දරාජා තේවඥානන්, ඒ. එම්. ධර්මජිත් නයනකාන්ත පිරිස පත්ව සිටිති.

Related articles

Recent articles

spot_img