1.4 C
New York

සෆාරි උද්‍යානයේ සතුන් මසට විකුණන බවට චෝදනා

Published:

රිදියගම සෆාරි උද්‍යානයේ නිදැල්ලේ සිටින ගෝනුන්, මුවන්, ඌරන් ආදී සතුන් මරා මස් සදහා විකුණන බවත්, සතුන්ට කෑමට ගෙන එන මස් සහ පළතුරු යොදාගෙන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන බවත් සෆාරි උද්‍යානයේ හිටපු පශු වෛද්‍ය ප්‍රියසාද් එදිවර්ණ චෝදනා කරයි.

ඔහු මේ චෝදනාව කරන්නේ තමන් විසින්ම සැකසූ වීඩියෝවක් සමාජ මාධ්‍යවෙත මුදාහරිමිනි.

විනාඩි 10කට ආසන්න කාලයක් පුරා මෙම කරුණු වීඩියෝව මගින් ඉදිරිපත් කරන පශු වෛද්‍යවරයා පවසන්නේ එවැනි දූෂණ ක්‍රියාවන්ට තමන් එරෙහිවීම හේතුවෙන් සෆාරි උද්‍යානයේ පාලන අධිකාරිය තමන්ට කෘෂිකර්ම අමාත්‍යාංශයට කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ස්ථානමාරුවක් ලබා දී ඇති බවයි.

ලෝකයේ ඉතාමත් වටිනා, සිංහයන්, සීබ්‍රාවන් වැනි සතුන් පවා සෆාරි උද්‍යානයේ දී දැඩි අනතුරකට ලක්ව සිටින බව ද ඔහු පෙන්වා දෙයි. පසුගිය දා සිංහ ධේනුවක් විසින් බිහිකළ පැටවුන් එම ධේනුවගෙන් වෙන්කර දෙහිවල සත්වෝද්‍යානයට ගෙනගොස් ඇති බව ද ඔහු කියයි.

සෆාරි උද්‍යානයේ ප්‍රමාණවත් පශු වෛද්‍යවරු නොමැති බවත් ඒ සඳහා දෙහිවලින් සහ උඩවලවෙන් විශාල වියදමක් දරමින් වෛද්‍යවරු තාවකාලිකව ගෙන්වන බවද ඔහු චෝදනා කරයි.

වෛද්‍ය එදිරිවර්ණ වනජීවී සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින හසළ අත්දැකීම් සහිත වෛද්‍යවරයෙකි.

ඔහු එල්ලකරන චෝදනා සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියෙන් සහ වනජීවී අමාත්‍යාංශයෙන් විමසීමට අප උත්සාහ ගත්ත ද එම බලධාරීන් දුරකථනයෙන් සම්බන්ධ කරගත නොහැකිවිය. ඔවුන්ගේ අදහස් වෙනත් පුවතක සඳහන් කිරීමට අප කටයුතු කරන්නෙමු.

වෛද්‍ය ප්‍රියසාද් එදිරිමාන්න විසින් නිකුත්කර ඇති සම්පූර්ණ වීඩියෝව පහතින් සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img