spot_img
spot_imgspot_img

තවත් ආසාදිතයන් 257ක් සමග සමස්ථය 13,000 ඉක්මවයි

පුවත්

විදෙස්

කොරෝනා ආසාදය වූ තවත් පුද්ගලයන් 257 දෙනකු හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් සියළු දෙනාම කොරෝනා ආසාදිත බවට මීට පෙර හඳුනාගත් අයගේ පළමු ආශ්‍රිතයන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මේ අනුව අද (07) වනවිට හමුවී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 13,227ක් දක්වා ඉහළ ගොස් ඇත. සුවය ලැබූ පිරිස 7,723 දෙනෙකි. පුද්ගලය් 30ක් මියගොස් ඇති අතර රෝහල්ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 5,474කි.

යුද හමුදාපතිවරයා පවසන්නේ මිනුවන්ගොඩ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තවන පොකුරෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 9,749ක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!