spot_img
spot_imgspot_img

“හතේ අපේ පොත” යළි දරුවන් අතට

පුවත්

විදෙස්

ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව සකස් කරන ලද “හතේ අපේ පොත” නැවත සිසුන් අතට පත්ක යුතු බවත්, ලිංගික දැනුම හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ පොත් සකස් කරන ලෙසත්, ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

එම සංසදරය පසුගිය දා රැස්වූ අවස්ථාවේ දී එළැඹී ඇති තීරණයකට අනුව මෙම දැනුම් දීම කර ඇත.

එම කමිටුව තීරණය කර ඇත්තේ සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ළමයින් සම්බන්ධ විවිධ ආයතන නියේජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් විසින් මෙය කළ යුතු බවයි. එම කමිටුව මාස තුනක් ඇතුළත අදාල කාර්යය අවසන් කළ යුතුයැයි ද දැනුම් දී ඇත.

නව යොවුන් වියට එළඹෙන දරුවන්ට ඔවුන්ගේ මනසට ගැලපෙන පරිදි ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම අත්‍යාවශ්‍ය බැවින් මෙලෙස පෙළ පොත් සකස්කිරීම අත්‍යාවශ්‍ය බව ද පාර්ලිමේන්තු සංසදය තීරණය කර තිබේ.

පෙළපොත් මුද්‍රණය සඳහා මෙම අවස්ථාවේ මුදල් වැය කිරීම අපහසු හෙයින් පළමු අදියරේදී ‍පෙළ පොත් මුද්‍රණය නොකළද අන්තර්ජාලය හරහා සිසුන්ට පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දිය හැකිය යන්න සංසදයේ අදහස වී තිබේ.

විවාහයෙන් පසුව පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාලය මගින් කාන්තාවන්ට ලබා දෙන දැනුවත් කිරීම්වලදී ද ඔවුන්ගේ දරුවන් අනාගතයේ ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කරගැනීම පිළිබදව අවබෝධය ලබා දිය යුතු බවටත් මෙහිදී යෝජනා කර ඇත.

ළමා අපයෝජනවලට මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ ඉතාම අවම දැනුමක් පැවතීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න පවසයි.

ගිහි ජීවිතය අතහැර බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකරන බව පවසන බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් “හතේ අපේ පොත” සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කළ අතර මාධ්‍ය ආයතන කිහිපයක් මගින් ද එම විරෝධයට විශාල ප්‍රචාරයක් ලබාදීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය හතේ අපේ පොත දරුවන් අතට පත්කිරීම නතර කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!