ධවල මන්දිර ප්‍රධානීට කොරෝනා

0
89

ධවල මන්දිරයේ කාර්යමණ්ඩල ප්‍රධානී මාක් මෙඩෝස්ට කොරෝනා වයිරස රෝගය වැළඳී ඇතැයි ඇමරිකානු බලධාරීහු පවසති. ඔහුට රෝගය වැළඳුනු ආකාරය පැහැදිලි නොමැති බව ද ඔවුන් පවසා තිබේ. කෙසේවුවද මාධ්‍ය වාර්තාකර ඇත්තේ මෙඩෝස් මුහුණු ආවරණය පවා නොමැතිව බොහෝ ප්‍රසිද්ධ උත්සව වලට සහභාගී වූ බවයි. ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙඩොස් ඔක්තෝබර් 15 වන දින උතුරු කැරොලිනාවේ පිට්-ග්‍රීන්විල් ගුවන්තොටුපලේ පැවති දැවැන්ත රැළියක වේදිකාවේ සිටි බව පැවසේ. මෙඩෝස් මැතිවරණ ව්‍යාපාරයේ අවසන් දිනවල ජනාධිපතිවරයා සමග සංචාරය කර ඇති අතර ධවල මන්දිරයේ දී ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් සිටි රාත්‍රී සාදයකට ද සහභාගී වී තිබේ. ජනපති ට්‍රම්ප්, ඔහුගේ බිරිඳ සහ පුතා කොරෝනා වැළඳී සුවය ලැබූහ. එසේම ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, ජ්‍යෙෂ්ට උපදේශක ස්ටීවන් මිලර් සහ ධවල මන්දිර උපදේශක හෝප් හික්ස් යන අයටද රෝගය වැළඳී සුවවිය. ඔක්තෝබර් මස අග භාගයේදී සීඑන්එන් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙඩෝස් කියා සිටියේ ඇමරිකාව, වසංගතය පාලනය නොකරනු ඇති බවයි. කොවිඩ් – 19 පරාජය කළ හැක්කේ එන්නත් සහ චිකිත්සාව මගින් සීමා කිරීමෙන් පමණක් බවත් ඔහු එහිදී පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here