-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 12,907ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,268ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 72ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,301  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 2,525
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 268
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 251

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කොටස් මිලියන 315
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටම් මිලියන 10
  • එන්ඩීබී බැංකුව කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සීඩීබී සමාගම (X) 22%
  • සිංගර් ඉන්ඩස්ට්‍රියල් සමාගම 13%
  • පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගම 13%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කොටස් මිලියන 315ක් රුපියල් 8.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 1.9ක් රුපියල් 140.00 බැගින්
  • යුනියන් බැංකුව කොටස් මිලියන 3.3ක් රුපියල් 9.10 බැගින්
  • එන්ඩීබී බැංකුව කොටස් මිලියන 5.5ක් රුපියල් 43.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 55.00 බැගින්
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 72.00 බැගින්
  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් ලක්ෂ 04ක් රුපියල් 55.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 263
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 66 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 2,600ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2534ක මුදලක් කොටස් වෙළෙඳ  පොළින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම  රුපියල් මිලියන 9.3
  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 8.2

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 2,520
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 26
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img