1.4 C
New York

ළිඳකට වැටී 35ක් මරුට

Published:

ඉන්දියාවේ මධ්‍යම, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු සිද්ධස්ථානයක සිදුවූ අනතුරකින් 35 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. දේවස්ථාන පරිශ්‍රයේ පිහිටි ළිඳක කොන්ක්‍රීට් බැම්මක් කැඩී ළිඳ තුළට වැටීමෙන් මෙම පිරිස මියගොස් ඇති අතර එහිදී අනතුරට ලක්වුණු 14 දෙනකු බේරාගත් බවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බවත් සඳහන් වේ.

දේවස්ථානයේ යාතිකාවක් පැවැත්වෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති අතර පොලිසිය පවසන්නේ විශාල පිරිසක් ළිදේ කොන්ක්‍රීට් බැම්ම මත සිටීම හේතුවෙන් බර දරාගැනීමට නොහැකිව බැම්ම ළිඳ තුළට කඩාවැටී ඇති බවයි. ළිඳ අඩි 40ක් පමණ ගැඹුරු බවද මෙම ළිඳ වසර 40කට පමණ පෙර සිට වසා දමා තිබූ එකක් බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

ඉන්දෝරේ නගරයේ පිහිටි මෙම දේවස්ථානයේ රාම් නවාමී හින්දු උත්සවය පැවැත්වෙමින් තිබූ අවස්ථාවේ අනතුර සිදුව ඇත.

https://www.bbc.com/news/world-asia-india-65134372

Related articles

Recent articles

spot_img