-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 12,655ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,463ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 39ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,272  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හොරණ වැවිලි සමාගම රුපියල් මිලියන 704
  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 86
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 67

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හොරණ වැවිලි සමාගම කොටස් මිලියන 12
  • එස්එන්බී ලීසිං සමාගම (X)  කොටස් මිලියන 10
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X)   12%
  • අබාන්ස් ෆිනෑන්ස් සමාගම 09%
  • ඩීඑෆ්සීසී බැංකුව 08%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හොරණ වැවිලි සමාගම කොටස් මිලියන 12.75ක් රුපියල් 54.90 බැගින්
  • එන්ඩීබී බැංකුව කොටස් 470,000ක් රුපියල් 43.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 255
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 73ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 46ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 32ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 23
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 13
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 31

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img