-2.5 C
New York

හම්බන්තොට තෙල් පිරිපහදුවකට, සමාගම් 07ක් ඉල්ලුම් කරයි

Published:

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සදහා සමාගම් 07ක් ඊයේ (27) වනවිට සිය කැමැත්ත පළකරමින් අයදුම් පත්‍ර යොමුකර තිබේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කරන්නේ ඔහුගේ නිල twitter  ගිනුමේ පණිවිඩයක් තබමිනි.

චීනය, මැලේසියාව, සිංගප්පූරුව, ඉරානය යන රටවල සමාගම් සහ ශ්‍රී ලංකාවේත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේත් ඒකාබද්ධ සමාගමක් සහ මෙලෙස කැමැත්ත පළකර තිබේ. ඒ අතරට ශ්‍රී ලංකා සමාගමක් ද එක්ව සිටියි.

අමාත්‍යවරයා පවසන්නේ මේ යෝජනා පිළිබඳ සොයාබලා ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණික කමිටුව විසින් සුදුසු අයදුම්කරුවන් තෝරාගැනීමෙන් අනතුරුව තෙල් පිරිපහදුවක් පිහටුවීමට අදාල බලපත්‍ර නිකුත් කරන බවයි.

Related articles

Recent articles

spot_img