-3.4 C
New York

පන්සලේ පිං කැටේ, රජයේ රස පරීක්ෂකට බරක් වෙයි

Published:

පන්සල් ඇතුළලු ආගමික ස්ථානවල පිං කැට කඩා මුදල් සොරාගැනීමේ අවස්ථාවල දී සොරුන් අල්ලා ගැනීමට ඩී.එන්.ඒ පරීක්ෂණ කරවාගැනීමට පොලිස් ස්ථාන උනන්දුවීම හේතුවෙන රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මෑතක සිට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

රජයේ රස පරීක්ෂිකා දීපිකා සෙනෙවිරතන් පවසන්නේ පසුගිය වර්ෂයේ දී පමණක් එවැනි සාම්පල 200කට වැඩි ප්‍රමාණයක් යොමුකර තිබුූ බවයි. එවැනි සාම්පල පරීක්ෂාකිරීමට විශාල මුදලක් නාස්තිවන බව ද ඇය පෙන්වා දෙයි. එක් සාම්පලයක ඩී.එන්.ඒ. පරීක්ෂා කිරීමට රුපියල් 20,000.00ක් වැය වෙයි. යම් සිද්ධියකට අදාලව ඩී.එන්.ඒ සාම්පල කිහිපයක් තිබේනම් එවැනි අවස්ථාවක දී වැයකිරීමට සිදුවන මුදල රුපියල් 45,000.00ක් පමණ වන බව ද රජයේ රසපරීක්ෂක පෙන්වා දෙයි.

ඇතැම් පොලිස් ස්ථානවලින් කිසිම පදනමක් නැතිව ඩී.එන්.ඒ. සාම්පල යොමුකිරීම හේතුවෙන් විශාල මුදලක් නිකරුණේ වැය වූ බව ද ඇය කීවාය.

Related articles

Recent articles

spot_img