4 C
New York

ධනංජය සිල්වා මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් පණිවිඩයක් නිකුත් කරයි

Published:

තමන් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ‍ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (25) ආරම්භ කිරීමට නියමිත තරඟ තුනකින් සමන්විත ක්‍රිකට් තරඟාවලිය සඳහා නම්කර ඇති කණ්ඩායමේ ධනංජය ද සිල්වාට ස්ථානය අහිමි වී ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවාර්තාවල සඳහන් කර තිබුණෙ ධනංජය අංක 07 ස්ථානයේ ක්‍රීඩාකිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුව කණ්ඩායමට නම්කර නැති බවයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරඟ තුන ම අයිසීසී සුපර් ලීග් තරඟාවලිය යටතේ පැවැත්වෙයි. ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාපිලට මෙම තරඟ තුනම ජයගැැනීමේ අභියෝගයක් තිබේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර එක්දින තරග 3ම පැවැත්වෙන්නේ ICC සුපර් ලීග් තරගාවලිය යටතේය. ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා පිල මෙම තරග 3ම ජය ගැනීම අවශ්‍ය වෙයි. නැතිනම් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරඟවටයට සහභාගීවීමට සිදුවනු ඇත.

Related articles

Recent articles

spot_img