-1 C
New York

චීන අපරාධ කල්ලියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙයි ?

Published:

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවක් පැහැරගෙන ගොස් යුවාන් 15,000ක කප්පමක් ඉල්ලූ චින ජාතික අපරාධ කල්ලියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස පැහැරගෙන ඇත්තේ පසුගිය 24 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවකි.

මේ සම්බන්ධයෙන් චීන තානාපපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ ප්‍රධානී වෝන් පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පොලිස් සංචාරක කොට්ඨාසය, කොල්ලුපිටිය පොලිසිය සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

කොන්සියුලර් කාර්යාලයෙන් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ අදාල කප්පම් මුදල නොදෙන්නේ නම් පැහැර ගත් කාන්තාව කාම්බෝජයට රැගෙන ගොස් ඇයගේ වකුඩු ඇතුළු ශරීර අවයව ලබාගන්නා බවයි.

චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ පැහැරගත් කාන්තාව කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසයක රඳවා සිටින බවයි.

මේ වනවිට එම කාන්තාවගේ විදේශ ගමන් බපත්‍රයේ විස්තර,  ඡායාරූප ඇතුළු තොරතුරු කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ වෙත ලබා දී තිබේ.

චීන ජාතික අපරාධකරුවන් කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලදැයි කියන මෙම කාන්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නැතැයි ද පොලිසිය සඳහන් කරයි.

අපරාධ විමර්ශන ‍කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් ද සිල්වාගේ අධීක්ෂණ යටතේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

Related articles

Recent articles

spot_img