-2.5 C
New York

මන්ත්‍රීවරුන්ට කෝටි ගණනක විශ්‍රාම වැටුප්

Published:

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 266 දෙනකු විශ්‍රාම වැටුප් හිමිකම ලබා ඇතැයි පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අතරින් 120 දෙනකු මියගොස් ඇති බැවින් වැටුප හිමිවන්නේ ඔවුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ටය.

මෙම විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය වාර්ෂිකව රපියල් ලක්ෂ 1500ක් වැයකරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ විශ්‍රාම වැටුප සැකසෙන්නේ මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකකට, අමතර රුපියල් 25,000.00ක දීමනාවක් එක්කිරීමෙනි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුප වන රුපියල් 54,000.00ක මුදලින් තුනෙන් එකක් යනු රුපියල් 18,000.00කි. ඊට රුපියල් 25,000.00ක මුදලක් එකතුකළ විට විශ්‍රාම වැටුප රුපියල් 43,000.00කි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 23 දෙනකු ද එල්ලාවල මේධානන්ද, උඩුගම ධම්මාලෝක, කොටපොළ අමරකිත්ති, අක්මීමන දයාරතන, අපරැක්කේ පුඤ්ඤානන්ද යන හිමිවරු පස් දෙනකු ද මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ කලාකරුවන් වන මාලනී ෆොන්සේකා, ජීවන් කුමාරතුංග, උපේක්ෂා ස්වර්ණමාලී සහ රන්ජන් රාමනායක ද විශ්‍රාම වැටුප් ලබති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන ලද හිටපු ටෙස්ට් නායකයන් වන අර්ජුන රණතුංග සහ සනත් ජයසූරිය ද පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපට හිමිකම් කියති. ප්‍රකට සන්නිවේදකයකු ලෙස කටයුතු කළ ජේ.ආර්.පී.සූරියප්පෙරුමට ද විශ්‍රාම වැටුපක් හිමිව තිබේ.

Related articles

Recent articles

spot_img