4.5 C
New York

නොරොච්චෝලේ කාන්දුවක්. මෙගොවොට් 300ක් පද්ධතිියට අහිමිවෙයි

Published:

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක වාෂ්ප කාන්දුවක් හේතුවෙන් විදුලි උත්පාදන කටයුතු නතර වී ඇතැයි ලංවිම ස්වාධීන ඉංජිනේරු සංගමය පවසයි.

මේ හේතුවෙන් මෙගාඩ වොට් 300ක් ජාතික විදුලි පද්ධතියට දෛනිකව අහිමි වෙයි.

ලංවිම ස්වාධීන ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඉරෝෂ් ප්‍රනාන්දු පවසන්නේ ජල වාෂ්ප කාන්දුව ඇති ජනන යන්ත්‍රයේ බොයිලේරුවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට අංශක 500-600ත් අතර පවතින බවයි. මේ නිසා එහි අලුත්වැඩියා කටයුතු සඳහා එම ස්ථානයට ඉංජිනේරුවරුන්ට ළඟාවීමට හැකිවන පරිදි සාමාන්‍ය උෂ්ණත්වයට පත්වීමට නම් දින 05-08ත් අතර කාලයක් යන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

මෙම වාෂ්ප කාන්දුව හටගෙන ඇති ජනන යන්ත්‍ර‍ය අප්‍රේල් මාසයේ දී අලුත්වැඩියා කිරීම සඳහා විදුලි උත්පාදන කටයුතු නතර කිරීමට නියමිතව තිබිණි. මෙම ජනන යන්ත්‍රයේ දැනට හටගෙන ඇති කාන්දුව යථා තත්වයට පත්කිරීමට දින 10ක් පමණ ගතවනු ඇති බවත්, ඉන් පසු කලින් සැළසුම් කර ඇති නඩත්තු කටයුතු ඒ සමඟ ම ආරම්භ කරන බවත් ඉංජිනේරු ඉරෝෂ් ප්‍රනාන්දු කීවේය.

ඔහු පවසන්නේ මෙම ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදනය නතර කළ ද හදිසි අවශ්‍යතාවක් ඇති නොවුනහොත්, මේ අවස්ථාවේ දී විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවන බවයි.

Related articles

Recent articles

spot_img