බස්නාහිර පළාතට සහ තවත් ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරිනීතිය ඉවත් කළ ද කොරෝනා රෝගය පාලනය වී හෝ එහි අවදානම පහවී හෝ නැතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇඳිරිනීතිය ඉවත්කිරීමෙන් රෝගය පාලනය වී ඇතැයි වැරදි වැටහිමක් නොගන්නා ලෙසයි. මෙලෙස ඇඳිරිනීතිය ඉවත් කරන්නේ ජනතාව දිගින් දිගටම පීඩාවට පත්වීම වැළැක්වීමට බව ද ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් බැහරව යාමෙන් වැළකී සිටිය යුතු බවත් සෑම අවස්ථාවක දී ම සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කළ යුතු බවත් සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වැඩිම අවධානම ඇත්තේ බස්නාහිර පළාතේ බවත් වැඩිපුරම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ බවත් වෛද්‍ය සමරවීර කීවේය.