-1 C
New York

කොටස් වෙළෙඳපොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 15,255  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,249ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,670ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම රුපියල් මිලියන 140
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 198
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) 83

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඊඑම්එල් කන්ස්ට්‍රක්ෂන් සමාගම කොටස් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05
  • ඇලුමෙක්ස් සමාගම කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන්ස් ලංකා සමාගම 20%
  • රේණුක හෝල්ඩින් සමාගම (X) 11%
  • එක්ස්ටර්මිනේටර්ස් සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 2.23ක් රුපියල් 57.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 156,000ක් රුපියල් 145.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 280
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 211
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 199

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 387ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 177ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 210ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X)  රුපියල් මිලියන 43
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 26
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 22

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඊඑම්එල් කන්ස්ට්‍රක්සන්ස් සමාගම රුපියල් මිලියන 12
  • පෑන් ඒ්ෂියා බැංකුව රුපියල් මිලියන 0.7

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img