පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හසින්ගේ බිරිඳට ද කොරෝනා ආසාදනය වී වැලිකන්ද රෝහලට අද (07) ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශයකු කීවේය.
වැලිකඩ බන්ධනාගාරයේ සිටි අබ්දුල් කාදර් ෆාතිමා හදියා නම් ඇය 25 හැවිරිදිය. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් බන්ධනාගාර හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇය වැලිකන්ද රෝහලට රැගෙන ආ බව පැවසේ.
ඇය සමග වැලිකඩ බන්ධනාගාරයේ සිටි කොරෝනා ආසාදිතයන් 28 දෙනෙක් මේ වනවිට වැලිකන්ද රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර වැලිකන්ද කොවිඩ් – 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දී ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා ප්‍රතිකාර ලබාදෙන බව සඳහන් කළේය.