-2.5 C
New York

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහි වෙයි

Published:

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තරඟ තහනම් පැනවීම සුදුසුයැයි පවසමින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පක්ෂව රටවල් 197ක් ලෝක පාපන්දු සම්මේලනයේ දී ඡන්දය ලබා දී තිබේ.

රුවන්ඩාවේ, කිගාලි නගරයේ පැවැති මෙම සම්මේලනයට රටවල් 208ක නියෝජිතයන් සහභාගී වී සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්, ක්‍රීඩාවේ ස්වාධීනත්වය කඩකිරීම, අත්තනෝමතික ලෙස නව රෙගුලාසි පැනවීම, සාධාරණ නිලවරණය පැවැත්වීම සඳහා එකඟ වු නිලවරණ මාර්ග සිතියම ඒක පාර්ශ්වික කඩ කිරීම වැනි කරුණු හේතුවෙන් මෙම තහනම පැනවීමට තීරණය කර ඇත.

Related articles

Recent articles

spot_img