-1 C
New York

රට ප්‍රපාතයට ගියේ රාජ්‍යයේ ඉහවහා ගිය දුෂණය නිසා

Published:


රටේ උඩුදුවා ඇති දුෂණය, නාස්තිය, අල්ලස රට ප්‍රපාතයට හෙලිමටත්, රටේ දැන උගත් ජනයාත් තරුණ පරපුරත් රට හැරදමා යාමට තරම් ජාතික ගැටළුවක් ඇතැයි ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ ලේකම් දර්ශන තන්ත්‍රීගේ පවසයි. ඔහු ඒ බව පැවසුවේ ඊයේ(11) කල්පිටියේ පැවති දුෂණ විරෝධි සම්මන්ත්‍රණයකදීය.


“ලෝකයේ දුෂණය සියයට සියයකින්ම නවත්වපු රාජ්‍යයන් දැකගන්න පුළුවන්. අපේ දුෂණයේ ප්‍රමාණය ඉතා විශාලයි. රාජපක්ෂ පාලන සමයේ මේක ඉහ වහා ගියා. විගණකාධිපතිවරයා නිරික්ෂණ කලත්, නිර්දේශ දුන්නත් අධිභාර පැනවිමේ බලයක් ඔහුට නැහැ. මේක විගණන නිළධාරින්ට ඇසිඩ් ගහපු රටක්. ඇතැම් දුෂිත නිළධාරින්ගේ ඇටමිදුලුවලටම දුෂණය බද්ධවෙලා. දුෂණය තනියෙන් කරන්න බැහැ. ලිප්ගල් තුනක් වගේ තුන්කට්ටුවක් ඉන්නවා. එකපැත්තක දූෂිත දේශපාලඥයෙක්. තව පැත්තක සුදු කරපටි අපරාධකාර රාජ්‍ය නිළධාරියෙක්. අනිත් පැත්තේ ජාවාරම්කාර ව්‍යාපාරිකයෙක්. මෙතනින් රටට ඉලක්ක වෙන්නේ දුෂිත දේශපාලඥයා පමණ යැයි ද ඒ මහතා පැවසීය.

Related articles

Recent articles

spot_img