-3.4 C
New York

බුදු පිළිමයක වස් යවන්න, කන්‍යාවක් ගෙන්වලා ?

Published:

බුදු පිළිමයක වස් දොස් දුරුකිරීමට යැයි කියමින් 18 හැවිරිදි අවිවාහක තරුණියක් ගෙන්වාගෙන පූජාවක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් සිව් දෙනකු ලබන 28 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට බිබිල මහේස්ත්‍රාත් ජී.අමුණුගම නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ බිබිල වෑගම ගම්මානයේ පදිංචි කපුවකු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකි.

නිවසකට බුදු පිළිමයක් ගෙනවිත්, එහිි වස්දොස් දුරුකිරීමට කන්‍යාවක් අවශ්‍යයැයි කියමින් අදාල තරුණියට ඒ සඳහා පැමිණෙන ලෙස දන්වා ඇති බව පොලිසය අධිකරණයේ දී කීවේය. මීට පෙර අවස්ථාවක දී ද බිබිල, වෑගම ප්‍රදේශයේ එම නිවසේ දී ම මැණික් ගලක වස්දොස් දුරු කිරීමට යැයි කියමින් එම තරුණිය ගෙන්වාගෙන පූජාවක් පවත්වා ඇයට රුපියල් 25,000.00ක මුදලක් ද ලබා දි ඇත.

බුදු පිළිමය සමඟ පූජාව පැවැත්වීමට කැඳවූ අවස්ථාවේ ඇය මෙම පූජාව පිළිබඳ පොලිසියට දැනුම් දී ඇති අතර පූජාව සිදුකරන අවස්ථාවේ දී පොලිසිය එම වැටලීම සිදුකර තිබිණි.

පූජාව පැවැත්වූ කපුවා ඇතුළු සැකකරුවන් සමඟ බුදු පිළිමය සහ පූජා භාණ්ඩ කිහිපයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

Related articles

Recent articles

spot_img