ඉන්දියාවේ බටහිර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් ළූණු සඳහා වැඩි මිලක් ඉල්ලා මුම්බායි වෙත කිලෝමීටර් 200ක (සැතපුම් 124) පාගමනක් ආරම්භ කර ඇත. විරෝධතා හේතුවෙන් ලූනු වගාකරුවන් සඳහා යම් මූල්‍ය සහනයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් සූදානම් වුවත් ගොවීන් එම යෝජනාව ප්‍රතික්‍ෂේප කර ඇති අතර ඔවුන් තම විරෝධතාව දිගටම කරගෙන යන බව පවසා ඇත.
ළුෑණු වලට මෙම කන්නයේ නිසි මිලක් නොලැබීම හේතුවෙන් ප්‍රාන්තයේ බොහෝ ගොවිපළ වල ළූණු කුණු වෙමින් පවතින බව වාර්තා වේ.
වියදම පියවාගත නොහැකි බැවින් ළූණු අස්වනු නෙලීමට හෝ කුලියට වෙළෙඳ පොළට ගෙන යාමට වියදම් කිරීමට අකමැති බව බොහෝ ගොවියෝ පවසති.
පසුගිය සති කිහිපය තුළ ළූණු මිල හදිසියේ කඩා වැටීමෙන් පසු මෙම විරෝධතා ආරම්ඵ විය. සමහර ගොවීහු තම අස්වැන්න පුළුස්සා දැමූහ. තවත් සමහරු අගමැති නරේන්ද්‍ර මෝදිට ළූණු පාර්සල් එවා ඇතැයි වාර්තා වේ.
වාර්ෂිකව ටොන් මිලියන 24 ක් පමණ වන ඉන්දියාවේ ළූණු අස්වැන්න, චීනයට පිටුපසින් ලොව දෙවන විශාලතම ළූණු නිෂ්පාදනය වේ. මෙයින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් වේ. රට පුරා නිෂ්පාදනවලින් 10-15% ක් පමණ වෙනත් රටවලට අපනයනය කෙරේ.
ඉන්දියාවේ ළූණු මිල ඉතා අස්ථාවර වන අතර ළූණු ද දේශපාලනික වශයෙන් කුප්‍රකට විය හැකිය – සැපයුමේ අධික වීම නිසා මිල පහත වැටිය හැකි අතර, ගොවීන් දහස් ගණනක් අර්බුදයට ඇද දැමිය හැකිය, හිඟයක් නිසා මිල ඉහළ යා හැකි අතර, අතීතයේ ආණ්ඩු පවා බිඳ දැමීමට හේතු විය.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නවතම මිල කඩාවැටීමට ප්‍රධාන හේතුවක් වූයේ “උත්තර් ප්‍රදේශ්, බිහාර්, රාජස්ථාන් යන ප්‍රාන්තවල ද ළූණු අස්වැන්න නෙළීම” නිසා ජනාකීර්ණ උතුරු ප්‍රාන්තවල ඉල්ලුම පහත වැටීම බව නිලධාරීහු පවසති.
අනපේක්ෂිත කාලගුණික විපර්යාස ද නිෂ්පාදනයට සහ එම නිසා මිලට බලපාන බව ගොවිපල විශේෂඥ ශ්‍රීකාන්ත් කුවාලේකාර් පවසයි.
ළූණු ඉන්දියාවේ මෝසම් සහ ශීත ලෙස කන්න දෙකක් තුළ වගා කෙරේ. මෝසම් අස්වැන්න සාමාන්‍යයෙන් දෙසැම්බර් අග සිට ජනවාරි මුල දක්වා නෙලනු ලැබේ. මෙම ළූණු අඩු ආයු කාලයක් ඇති අතර ඉක්මනින් වෙළඳපොළට ළඟා විය යුතුය. මාර්තු මැද සිට අස්වනු නෙළන ශීත ඍතු බෝගය දිගු කාලයක් ගබඩා කළ හැකිය.
පසුගිය වසරේ ජූලි-අගෝස්තු මාසවල අධික වර්ෂාපතනයක් ලැබුණු නිසා ගොවීන් තම වගාව ප්‍රමාද කළා. මේ නිසා මාර්තු මාසයේ ළූණු අස්වැන්න විශාල ලෙස අතිරික්තයක් ඇති වී තිබේ. එසේ නොවුවහොත් දෙසැම්බර්-ජනවාරි මාසවලදී වෙළඳපොළට පැමිණීමට ඉඩ තිබුණි. ගොවීන් පවසන්නේ ශීත ඍතුවේ අස්වැන්න සති කිහිපයකින් වෙළඳපොළට පැමිණි විට තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි.
අද වනවිට තොග වෙළඳපොලේ ලූනු කිලෝග්‍රෑම් 100කට රුපියල් 200-400 ක ($2.43-$4.85; පවුම් 2-£4) පමණ මිලක් ලැබෙයි.
ගොවියාට අවම වශයෙන් රුපියල් 400ක ලාභයක් ලැබීමට නම් ලූනු මිල කිලෝග්‍රෑම් 100කින් රුපියල් 1200ට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතුය.
තොග මිල අඩු වුවද සිල්ලර මිලට එය එතරම් බලපෑමක් සිදුකරන්නේ නැත. මෙම සැපයුම් අධික වීමෙන් ප්‍රතිලාභ ලබන්නේ අතරමැදියන් සහ වෙළඳුන්ය.
“ඔවුන් ඉතා අඩු මිලට ගොවීන්ගෙන් ළූණු මිලදී ගෙන නගරවල ඒවා වැඩි මිලට විකුණනවා. අවසානයේ ගොවීන් සහ පාරිභෝගිකයින් යන දෙගොල්ලන්ම පීඩාවට පත් වේ,” ගොවි සංවිධාන පවසන්නේ රජය මැදිහත් නොවීම “අවාසනාවක්” බවයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ළූණු සඳහා ඇති ඉල්ලුම ස්ථාවර මට්ටමක පැවතිය ද මිල නියාමනය කිරීමට ඉන්දියාවට නිසි ප්‍රතිපත්තියක් නොමැති බවයි. මිල ඉහළ යන විට, ගෙදර විරෝධතාවලට බියෙන් රජය බොහෝ විට අපනයන තහනම් කරයි.