-0.3 C
New York

අවි තොගයක් සමඟ 07ක් අත්අඩංගුවට

Published:

කළුතර දකුණ ප්‍රදේශයේ මාර්ග බාධකයක දී ත්‍රී රෝද රථයකින් හා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ආයුධ රැසක් ඊයේ (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම ආයුධ අතර ජීව අත්බෝම්බයක්, ටී – 56 ජීව උණ්ඩු 02ක්, හිස් පතොරම් 02ක් කඩු 04, මන්නා පිහි 06ක් තිබූ බව ද පොලිසිය කියයි. ඒවා සමඟ සැකකරුවන් 07 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සියලු කලමුල්ල, නාගොඩ සහ මතුගම ප්‍රදේශවල පිදිංචි බවත් ඔවුන් අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන බවත් පොලිසිය සඳහන් කරයි.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්ත් කළුතර දකුණ සෙන්ට්‍රල් හන්දිය මාර්ග බධාකයේ රාජකාරී කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

Related articles

Recent articles

spot_img