-5.2 C
New York

අම්බලන්ගොඩ ධීවරයෙක් ඝාතනය වෙයි

Published:

අම්බලන්ගොඩ තිලකපුර දී පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්‌ේත අම්බලන්ගොඩ ගොඩහේන පදිංචි ධීවරයකුවන කොම්බු නුවන් ප්‍රියන්ත නමැති 28 හැවිරිදි අයෙකි.

ඔහු තම සහෝදරයා සමග ඊයේ (06) රාත්‍රී යතුරුපැදියකින් යමින් සිටිය දී තවත් යතූරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් බෝතලයකින් පහරදීම හේතුවෙන් මෙලෙස ඝාතනය වී ඇත.

මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයා වන කොම්බු සනත් ප්‍රියන්ත (36) තුවාල ලබා ඇත. ඔහු ද ධීවරයෙකි. බෝතල් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ද මියගිය තැනැත්තාගේ ඥාතීන්වන ධීවරයන් දෙදෙනකු විසිනි. පොලිසිය පවසන්නේ ඔවුන් එකට ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් බවයි.

සැකකරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අම්බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වයි. මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇද පැවැත්වීමට නියමිතව තිබිණි.  

Related articles

Recent articles

spot_img