ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන විසිනි
ගෙවීගිය දින කිහිපයේ දි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වන තත්වයක් දක්නට ලැබිණි.
පසුගිය 08 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබූ විනිමය අනුපාත දත්තවලට අනුව එදින ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 313.00ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 337.00ක් ක් ලෙසත් සටහන් වී තිබිණි. මෙපරිදි රුපියල ශක්තිමත් වීම මහ බැංකුව ගත් ප්‍රතිපත්තිමය තීරණ නිසා සිදු වූවත් බවට ද මත පළ වෙමින් තිබේ. ඒ ගැනත් රුපියල ශක්තිමත් වීමෙන්, ආර්ථිකයට වන යහපත් හා අයහපත් බලපෑම් ගැනත් විමසමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියක් මෙසේය.
රජය ගත් ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ ඇමෙරිකානු ඩොලරයට එරහිව රුපියලේ වටිනාකම ඉහළ යෑමට බලපා තිබේ. රුපියල් 360.00 ක මධ්‍යම අනුපාතිසය වශයෙන් තිබූ ඇමෙරිකානු ඩොලරයක වටිනාකම අද (09) වන විට රුපියල් 325.00ක් වැනි මට්ටම දක්වා අඩු වී ඇත. එය දින කිහිපයක් ඇතුළත ගීඝ්‍රෂයන් සිදු විණි. මෙපරිදි ක්ෂණිකව අගය පහළ යෑම හෝ ඉහළ යෑම හෝ ආර්ථික විද්‍යාඥයෝ අනුමත නොකරති. ඒ, එය භයානක වන බැවිනි. එය උණ රෝගය වැලඳුණු අයකුගෙන් පැහැදිලි කළ හැකිය. එක්වරම උණ ඉහළ යෑම හෝ පහළ යැම හෝ භයානක වන බැවින් ආර්ථික විද්‍යාවේදී ද ඇමෙරිකානු ඩොලරයට එරෙහිව රුපියලේ අගය එක්වරම ඉහළ හෝ පහළ හෝ යෑම භයානකය. එවැන්නක් අපේක්ෂා කරන්නේ ක්‍රමිකවය. එහෙත් මෙහිදී රුපියලේ වටිනාකම වේගයෙන් ඉහළ ගොස් ඇති හෙයින් එයින් සිදු විය හැකි අගතිය අවම කර ගැනීම වෙනුවෙන් ඒ ගැන සැලකිලිමත් වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වේ.
මෙපරිදි ඩොලරයට එරෙහි රුපියලේ අගය ඉහළ යැමට බලපෑ රජයේ ප්‍රතිපත්ති පිළිබඳ මීළඟට විමසා බැලිය හැකිය. පළමුවැන්න නම්, වාණිජ බැංකු විසින් මහ බැංකුවට අළෙවි කරනු ලැබිය යුතු ඩොලර් ප්‍රමාණය 25% සිට 15% දක්වා අඩු කිරීම නිසා වෙළෙඳපොළේ ඩොලර් සැපයුම ඉහළ යෑමයි. මහ බැංකුව මීට පෙර සියලු වාණිජ බැංකුවලට නියෝග කර තිබුණේ එම බැංකු මිලදි ගන්නා විදේශ විනිම වලින් අඩුම වශයෙන් 25%ක්වත් මහ බැංකුවට අලෙවි. එනිසා වාණිජ බැංකුවල තිබු විදේශ විනියමය ගලා ආ අතර ආණ්ඩුව එම විදේශ විනිමය භාවිත කරමින් ඖෂධ, ඉන්ධන, ගෑස් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කළේය. කෙසේ වෙතත් සුව වාණිජ බැංකු විසින් මහ බැංකුවට විකුණනු ලැබිය යුතු 25%ක විදේශ විනිමය ප්‍රමාණය 15%ක් දක්වා අඩුකරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස වාණිජ බැංකු සතුව අමතර 10%%ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි විය. ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ ඉතාමත් කුඩා එකකි. එහි දිනකට අලෙවි වන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය මිලියන එකකටත් අඩු අගයකි. මෙම කුඩා වෙළෙඳ පොළට ඩොලර් සැපයුම වැඩි වූ සැණින් ඩොලරයේ රුපියල් අගය පහළ වැටීම සිදු වේ. එය හැඳින්විය හැක්කේ මිල කඩා වැටීමක් ලෙසය. එය රටට හිතකර දෙයක් නොවේ.
දෙවැන්න නම්, මහ බැංකුවේ අනුග්‍රහය යටතේ මෙරට ප්‍රධාන වාණිජ බැංකු තුනකට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් විනිමය හුවමාරු පහසුකමක් හිමි වීමයි. ඒ යටතේ ආහාර, ඖෂධ සහ පොහොර වර්ග ආනයනය කිරීමට එම මුදල් ලැබිණි. මීට පෙර ඒ වෙනුවෙන් තමන් සතු විදේශ විනිමය යොදා ගත් බැංකුවලට එකී ණය පහසුකම හිමි වීමත් සමග ඩොලර් ප්‍රමාණයක් ඉතිරි විය. එම විදේශ විනිමයත් වෙළෙඳපොළේ අලෙවි කිරීමට එම බැංකු වලට හැකියාව ලැබිණි.
තෙවැන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම මේ අගභාගයේදී ලැබෙනු ඇති බවට ආණ්ඩුව කිරීමත් ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 360 ක මුදලක් පළමු වාරිකය වශයෙන් ලැබීමට නියමිත අතර ඒත් සමඟම විදේශ විනිමය ළඟ තබාගෙන සිටි අය විශාල වශයෙන් ඒවා රුපියල්වලට හුවමාරු කිරීමට පටන් ගැනීමත්ය. ප්‍රතිඵලයක් ලෙස අපේ කුඩා විදේශ විනිමය වෙළෙඳපොළට ඉහළ ඩොලර් සැපයුමක් ලැබිණි. ඩොලරයේ රුපියල් අගය පහත වැටීමට එයද හේතුවක් විණි.
මෙවැනි තත්ත්වයක් ඇති වන විට මහ බැංකුවේ වගකීම විය යුත්තේ වෙළෙඳපොළේ සංසංසරණය වන වැඩි ඩොලර් ප්‍රමාණය මිල දී ගෙන මිල කඩාගෙන වැටීම වැළැක්වීමය. එහෙත් එසේ නොකර මේ ප්‍රවණතාව යහපත් එකක් ලෙස සලකා මහ බැංකුව ඒ පිළිබඳව සතුටින් පසුවන බවක් පෙනේ. මෙපරිදි මිල කඩා වැටීම ආර්ථික ස්ථායීතාවට දැඩි බාධාවක් බව මහ බැංකුව තේරුම් ගෙන ඇති බවක් ද නොපෙනේ. 2021 වසරේ අග වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම පැවතියේ රුපියල් 200 ක් ලෙසය. ඉන් පසු රට අභ්‍යන්තරයේ මිල මට්ටම ශීඝ්‍රයෙන් වැඩි විය. 2021 අගභාගයේ සිට උද්ධමන අනුපාතිකය ද 60%කින පමණ මිල මට්ටම වේගයෙන් ඉහළ ගියේය. රුපියලේ මිල දී ගැනීමේ ශක්තිය 50%කින් පමණ පහළ ගොස් ඇති බව එහි අර්ථයයි. ඇමෙරිකානු ඩොලරයකට ලැබෙන රුපියල් ප්‍රමාණය 360.00 ක් නම්, උද්ධමනය ඉහළ යෑම නිසා සිදු වූ අවාසිය අවම කිරීම. ද එහි ගැබ්ව තිබිණි. එහෙත් මිල කඩා වැටීමෙන් සිදු වන්නේ රුපියල්වලට තිබෙන ශුද්ධ වටිනාකම තවදුරටත් පහත වැටීමය. එය එතරම් හොඳ තත්ත්වයක් නොවේ. මෙපරිදි රුපියල ශක්තිමත් වීම සුදුසු දෙයක් හැටියට ආනයනකරුවන් සහ දේශපාලනඥයන් විසින් සලකනු ලැබූවද රටට විදේශ විනිමය එවන විදේශ ශ්‍රමිකයන්ට සහ ඩොලර් උපයන අපනයනකරුවන්ට මෙයින් විශාල අවාසියක් සිද්ධ වේ. එබැවින් මෙහි ඇති වාසි අවාසි තුලනය කරමින් සුදුසු මිනිමය අනුපාතිකයක් පවත්වා ගෙන යැම මහ බැංකුවේ රාජකාරියයි.
ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 1%කින් ඉහළ නැංවීම රුපියල පහත වැටීම වැළැක්වීමට හේතුවකි. මහ බැංකුව ඒ ගැන පැහැදිලි කරමින් ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවක් ප්‍රකාරව එම තීරණය ගත් බවයි. 2023 වසරේ අග වන විට උද්ධමනය 10%ට අඩු අගයක් දක්වා පහත වැටෙන විවිධ මහ බැංකුව පුරෝකථනය කර තිබේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි පුරෝකථනයක් කර නැත. එම ආයතනය ප්‍රකාශ කර ඇත්තේ උද්ධමනය ඊට වඩා වැඩි අගයක පවතිනු ඇති බවයි. සන්දර්භයේ එම ආයතනය ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ණය පහසුකම ලබා දීම අරඹයා පැනවූ කොන්දේසි මාලාවට මහ බැංකුව තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය තවත් තද කළ යුතුය යන්න ඇතුළත් කළේය. එහි එක් පියවරක් හැටියට ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය 1%කින් ඉහළ නංවනු ලැබීය.
ආර්ථික අර්බුදය පැමිණීමට පෙර පැවැති රුපියල් 200.00 සීමාවට යළිත් ඩොලරයේ අගය පහළ වැටීමේ හැකියාවක් නොමැත. එසේ වුවහොත් රට නැවතත් විශාල ආර්ථික අස්ථාවරතාවකට ගමන් කරනු ඇත. ඊට මහ බැංකුව ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැක. මහ බැංකුව වෙළෙඳපොළට මැදිහත් එහි ඩොලර් අධි සැපයුමක් තිබෙන්නේ එය මිලදී ගෙන ඩොලරයේ රුපියල් වටිනාකම 340.00ත් 350.00ත් අතර මට්ටමේ පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වේ. හේතුව මේ වනවිට උද්ධමන වේගය 50%කින් පමණ වැඩි වී තිබීමය.
ස්ටෑන්ඩර්ඩ් චාර්ටක බැංකුව කර ඇති පුරෝකථනයකට අනුව ඩොලරයේ රුපියල් අගය අඩුවීම වෙනස් වී මේ වසරේ අග වන විට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය 390.00 මට්ටම දක්වා වීමට නියමිතය. මේ අතර රේටිංග්ස් ආයතනය පවසන්නේ ඇමෙරිකානු ඩොලරයේ රුපියල් තවත් 20%කින් පමණ පහළ වැටෙනු ඇති බවයි. අර්ථශාස්ත්‍රඥයන්ගේ දැක්ම මෙයයි. දේශපාලනඥයන් සිතන්නේ මෙපරිදි රුපියල් ශක්තිමත් ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන මැතිරණ ජයගහ කළ හැකි බවයි. ඔවුන් අමතක කරන දෙය නම්, මෙය දෙපැත්ත කැපෙන කඩුවත් යන්නය.
ඩොලරයේ රුපියල් අගය අඩු වුව ද නිෂ්පාදන පිරිවැයෙහි අඩුවීමක් නැති නිසා අපනයනකරුවන්ට මෙයින් අත්වන වාසියක් නොමැත. අපනයන අධෛර්යය කිරීමක් මෙමගින් සිදු වේ. අපනයනකරුවන්ට මතු නොව මෙරටට මුදල් එවන විදේශ ශ්‍රමිකයන්ටත් සංචාරකයන්ගේ පැමිණීමත් අඩු වීමට මෙය බලපායි. ආනයනවලට සහනයක් ලබා දී අපනයනවලට බද්ධක් පැනවූ අවස්ථාවක් හැටියට මෙය සැලකිය හැකිය. ගෙවුම් ශේෂ අර්බුදය තවදුරටත් තීව්‍ර වීමට ද මෙය හේතුවක් වනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සඳහා සියලුම ණය හිමියන්ගේ අනුකූලතාව ලැබුණු බවට කෙරෙන සනත්වයෙන් තොරය. ද්වි පාර්ශවික ණය හිමියන්ගෙන් චීනය හැර සෙසු ණය හිමියන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එහෙත් චීනය ඒ ආකාරයේ අනුකූලතාවක් ලබා නැති අතර ඔවුන් පවසා තිබෙන්නේ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක් නොවන ආකාරයට කටයුතු බවය. ලංකාවට ලබා ඇති ආපසු අය කර ගැනීමේ දී වසර දෙකක සහන කාලයක් ලබා දෙන බව විනය ප්‍රකාශ කර තිබේ. එම සහත පාය ලබා දී තිබෙන්නේ 2022 සහ 2023 වසර සඳහා වන අතර එයින් දැනටමත් වසරක් ගත තිබේ. ඒ අනුව, 2024 වසරේ ජනවාරි මාසයේ සිට චීනය ඔවුන්ගේ ණය නැවත අය කර ගැනීමට ක්‍රියා කරනු ඇත. එසේ ණය ගෙවීමේදී අවුරුදු දෙකක කාලයක් සඳහා ලබා දුන් සහනයද එකතුකර අපට ණය ගෙවීමට සිදුවේ.
දෙවැනි කාරණය නම්, වාණිජ ණය හිමියන් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා එකඟ වී නොතිබීමය. ලන්ඩන් සමාජයේ ණය හිමියන් ප්‍රකාශ කොට ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඔවුන් ලංකාණ්ඩුව සමග සිටියද දේශීය ණය නැවත ප්‍රතිසන්ධානය ඇතුළු කොන්දේසි කිහිපයක් ඉටු කළ යුතු බවය. සත්‍ය වශයෙන්ම මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර තිබෙන්නේ ලංකාව තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනු ඇත යන අපේක්ෂාව යටතේ අපේ රට වෙනුවෙන් විස්තීරණ ණය පහසුකමක් අනුමත කිරීමය.
එහි වරදක් නැත. රෝගියකු මිය යමින් සිටින්නේ නම් එම රෝගියාට බෙහෙතක් ලබා දීම වැරදි ක්‍රියාවක් නොවේ. බෙහෙත නිෂ්පාදනය කර ඇති රට ආදිය එහිදී වැදගත් වන්නේ නැත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කර තිබෙන්නේ ද ඒහා සමාන කර්තව්‍යයකකි. ලංකාව නැමැති මිය යමින් සිටින රෝගියාට අවසන් වතාවට මරණයෙන් මිදීම සඳහා මේ ප්‍රතිකාරය අනුමත කර තිබේ.
එහි පළමු වාරිකය අපට ලැබෙනු ඇත. එහෙත් දෙවැනි වාරිකයේ සිට අනෙක් ඒවා ලබා ගැනීම දුෂ්කර වීමට ඉඩ තිබේ. එසේ වුවහොත් මුලින් ඇති වූ ප්‍රබෝධය කනස්සල්ලක් බවට පත්වීමට පුළුවන.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලද පමණින් රටේ සමස්ත ආර්ථික අර්බුදය විසඳෙන්නේ නැත. ආර්තිකය සුවපත් කරන්නට නම්, ආර්ථික වර්ධනයට අදාළ වෙන ම උපායමාර්ගික සැළැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කළ යුතුය.
සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ
(ඉරිදා ලංකාදීප)