spot_img
spot_imgspot_img

නිහඬ මාරයා ඔබ අසළම, ප්‍රවේශම් වන්න

පුවත්

විදෙස්

සජීව විජේවීර විසිනි

ශ්‍රී ලං‍කාවේ වායු දූෂණය ද පෙර කවරදාටත් වඩා ඉහළ ගොස් ඇත. බොහෝ ප්‍රදේශවලින් එම තත්වය මිනිස් සිරුරට අහිතකර බවට වාර්තා වෙමින් පවතී. මේ නිසා නිහඬ මාරයකු ශ්‍රී ලාංකිකයන් අසළම සිටින බව ලෝකයේ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව තක්සේරු කළ විට තහවරු වෙයි.

වසරකට වායු දූෂණය හේතුවෙන් ලෝකය පුරා පුද්ගලයන් ලක්ෂ 70ක පමණ පිරිසක් මියයන බව පර්යේෂණවලින් තවරු වී තිබේ.

පසුගිය දශකයක පමණ කාලයේ දී සිදුකරන ලද පර්යේෂණ අනුව සනාථ වන්නේ වායු දූෂණයෙන් මියයන සංඛ්‍යාව වාර්ෂිකව වැඩි වෙමින් පවතින බවයි. නමුත් මෑත අධ්‍යයනවලින් තහවුරු වී ඇත්තේ එයට හේතුව වායු දූෂණය ගෝලීය මට්ටමින් වඩාත් දරුණු වීම පමණක් නොව දූෂණයට ගොදුරුවීම හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය බලපෑම් කලින් සිතුවාට වඩා විශාල සංඛ්‍යාවක් බව විද්‍යාත්මක පර්යේෂණවලින් සොයාගැනීමයි.

වායු දූෂණය යනු කුමක් ද ?

වායු දූෂණය යනු මිනිසාට ශ්වසනය කිරීමට නුදුසු පරිදි එළිමහනේ හෝ ගෘහස්ථ වාතය දූෂණය වීමයි. දූෂණය භෞතික, ජීව විද්‍යාත්මක හෝ රසායනික හෝ වේවා ඕනෑම ආකාරයකින් විය හැකිය. දූවිලි හෝ දුම වැනි අපවිත්‍ර ද්‍රව්‍ය වායු ගෝලයට ඇතුළුවන විට දී වෘක්ෂලතාදිය, මිනිසුන් සහ අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට ගැටලු ඇති වෙයි. වායු දූෂණය වායු ගෝලයේ සාමාන්‍ය තත්වයට සහ සමස්ත පරිසර පද්ධතියට බාධා ඇතිකරයි. වායුගෝලයේ ඇති සාමාන්‍ය සංයුතිය පෘථිවියේ ඇති සියලුම ජීවීන්ගේ යහ පැවැත්මට හේතුවන අතර ඔවුන් නඩත්තු කරයි. නමුත් එහි ඇතිවන අසමතුලිතතාව හෙවත් වෙනස් කමක් වායු දූෂණයකි. ජීවීන්ට සිදුවන හානියක.

දෘශ්‍යමාන වායු දූෂණය සහ අදෘශ්‍යමාන වායු දූෂණය

වායු දූෂණය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.

දෘශ්‍ය වායු දූෂණය යනුවෙන් හඳුන්වන්නේ ඇසට පෙනෙන වායු දූෂණයයි. උදාහරණයක් ලෙස නගරයක ඇති දුමාරය, නිවසක ඇති දුම, කර්මාන්තශාලාවකින් හෝ ලැව් ගින්නකින් පිටවන දුම සැළකිය හැකියි.

අදෘශ්‍යමාන වායු දූෂණය ඇසට පෙනෙන්නේ නැත. දූෂක ද්‍රව්‍ය ඇසට නොපෙනෙන අවස්ථාවකි. මෙය ඇසට නොපෙණුන ද භයානක නොවේ යැයි කිව නොහැක. බොහෝ විට පෙනෙන වායු දූෂණයට  වඩා නොපෙනෙන වායු දූෂණය භයානක ප්‍රතිඵල ඇතිකළ හැකිය. සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැනි දූෂකකාරක මෙම කාණ්ඩයට අයත් වෙයි.

වායු දූෂණයේ සැලකිය යුතු පාරිසරික බලපෑම් සමහර විට මිනිසුන්ට නොතේරෙන්නේ එහි නිරන්තර දෘශ්‍යතාව නොමැතිකම හේතුවෙනි. අදෘශ්‍යමාන වායු දූෂක පවතින බව පිළිගැනීම සහ හඳුනා ගැනීම, විශේෂයෙන් ඒවා ඒවායේ දෘශ්‍ය සගයන්ට වඩා මාරාන්තික විය හැකි බැවින් එවැනි වායු දූෂණ ගැන දැනුම්වත් වීම සහ හඳුනාගැනීම ඉතාත් වැදගත් වේ.

වායු දූෂණයට නිරාවරණය වූ විට

වායු දූෂණයට නිරාවරණය වීම විවිධ රෝග වර්ධනය වීමේ අවදානම වැඩි කරයි. මෙය මූලික වශයෙන් කාණ්ඩ තුනකට වර්ගීකරණය කළ හැකියි.

  1. ශ්වසන රෝග
  2. හෘද සහ රුධිර වාහිනී ආශ්‍රිත රෝග
  3. චර්ම හා පිළිකා රෝග

මේ සියල්ල වැළැක්විය හැකි මරණ ලෙස සැළකීම වඩාත් සුදුසුය. වායු දූෂණයට නිරාවරණය වීම අඩු කළහොත් මේ මරණ වැඩි ප්‍රමාණයක් වළක්වාගත හැකි මරණ බව ද තහවුරු වී තිබේ.

වායු දූෂණයේ එකම ප්‍රතිවිපාකය මරණය නොවේ. එහි අයහපත් ප්‍රතිවිපාක ලෙස මිලියන ගණනක ජනගහණයක් අයහපත් සෞඛ්‍ය තත්වයන්ගෙන් පීඩා විඳිති. නමුත් ඔවුන් මරණයට පත්වන්න බොහෝ කාලයක් ගත වෙයි.

වායු දූෂණයෙන් සිදුවන මරණ සංඛ්‍යාව සඳහා වඩාත් පුළුල්ව උපුටා දැකිවිය හැකි සහ නිතිපතා යාවත්කාලීන කරන ලද ඇස්තමේන්තු ලැබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ IHME හි Global Burden of Disease අධ්‍යයනවලිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි වසරකට වායු දූෂණය හේතුවෙන් මියයන සංඛ්‍යාව ලක්ෂ 70කි. Global Burden of Disease සඳහන් කරන්නේ එම සංඛ්‍යාව ලක්ෂ 67ක් බවයි.

මේ මරණ මිනිසා විසින්ම ඇතිකරන වායු දූෂණ ප්‍රභවයන් නිසා සිදුවන අතර ඒවා ගෘහස්ථව මෙන් ම එළිමහන් වායු දූෂණ නිසා ද සිදු වෙයි.

වායු දූෂණය හේතුවෙන් සිදුවන මරණ සඳහා ඒවායේ අඩංගු අංශු හේතු වේ.

අධ්‍යයනයන් වලින් හෙළි වී ඇත්තේ වායු දූෂණය නිසා සිදුවන මරණවලට හේතුවන්නේ වායුවේ අඩංගු වායු නොවන අංශු බවයි. සල්ෆේට්, නයිට්‍රේට්, ඇමෝනියා, සෝඩියම් ක්ලෝරයිඩ්, කාබන්, ඛනිජමය දූවිලි ඇතුළු වෙනත් ද්‍රව්‍ය මේ සඳහා හේතුවන බව සොයාගෙන ඇත.

මයික්‍රෝමීටර 10ක් හෙවත් මීටරයකින් මිලියන 10ක් හෝ ඊට අඩු විෂ්කම්භයක් සහිත අංශු පුද්ගලයකුගේ පෙනහළු තුළට ඇතුළු විය හැකිය. නමුත් වඩාත්ම සෞඛ්‍ය්‍යට හානිකරන අංශු ඊටත් වඩා කුඩා බව සොයාගෙන තිබේ. මයික්‍රොමීටර 2.55ක් හෝ ඊට අඩු විෂ්කම්භයක් සහිත අංශු පෙනහළු විනිවිද ගොස් පුද්ගලයකුගේ රුධිරයට අතුළුවීමේ හැකියාවෙන් යුක්තය. මේවා අතිශය සියුම් අංශු වේ. මයික්‍රොමීටර 2.5ක් යනු මිනිසකුගේ කෙස් ගසක විෂ්කම්භයෙන් තිහෙන් එකක් පමණ ප්‍රමාණයකි.

වායු දූෂණය නිසා සිදුවන මරණවලට හේතුවන්නේ එවැනි අංශු ද්‍රව්‍යවලට අපගේ නිරාවරණය බව තහවුරු වී ඇති අතර අනෙක් හේතුවක් වන්නේ ඕසෝන්වල බලපෑමයි. ඕසෝන් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අංශු නිසා සිදුවන මරණ සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩුය. එය මිලියන ගණනක් නොව මරණ සිය දහස් ගණනකි. නමුත් අනෙකුත් වායු දූෂඛ ද්‍රව්‍ය ගෝලීය අධ්‍යයනවල දී සැළකෙන්නේ ඉතාත් කලාතුරකිනි.

වායු දූෂණයේ බලපෑම් අධ්‍යයනය තවමත් ප්‍රමාණවත් නැත.

වායු දූෂණයේ ගෝලීය බලපෑම පිළිබඳ පර්යේෂණ තවමත් පවතින්නේ ඒවායේ මුල් අවධියේ ය. වඩාත් නිශ්චිත නිගමනවලට එළැඹීමට නම් තවත් පුළුල් විද්‍යාත්මක පර්යේෂණ අවශ්‍ය වෙයි. එහෙත් වායු දූෂණයේ සෞඛ්‍ය බලපෑම ඉතා ඉහළ බව සියලු අධ්‍යයනයන් එකඟවෙයි. වායු දූෂණයෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව මිලියන ගණනක් බවට සියලු පර්යේෂකයෝ එකඟ වෙති.

බලපෑම කලින් සිතුවාට වඩා විශාලයි

වර්තමානයේ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අදින් වසර ගණනාවකට පෙර වායු දූෂණයේ බලපෑම් පිළබඳ කරන ලද සියලු තක්සේරු සිතුවාට වඩා විශාල විය යුතු බවයි.

වායු දූෂණය හේතුවෙන් නොමේරූ මරණ විශාල සඛ්‍යාවක් සිදුවෙයි. මෑතක දී අධ්‍යයන මගින් ලබා දී ඇති නිරාවරණ මට්ටමක් පෙර පර්යේෂණවලට වඩා විශාල මරණ සඛ්‍යාවකට හේතු වනු ඇතැයි සැළකේ.  මෑතක දී සිදුකර ඇති පර්යේෂණ අනුව ලෝකයේ මරණවලින් තවත් කොටසක් වායු දූෂණය හේතුවෙන් සිදුවූවක් යන ගිනුමට බැර කළ හැකි බව පෙනී යයි. 2018 වර්ෂයේ දී අප්‍රිකාව සහ ගෝලීය වශයෙන් කරන ලද අධ්‍යයන බහුතරයක තිබූ උපකල්පිත මරණ සංඛ්‍යාව මේ වනවිට ඉක්මවා යන බව තහවුරු වී තිබේ

මෑත කාලීන පර්යේෂණ යෝජනා කරන්නේ එළිමන් අංශු වායු දූෂණයේ පෙර ඇස්තමේන්තු ගණනය කිරීම් වලට වඩා සැබෑ මරණ සංඛ්‍යාව කිහිප ගුණයකින් විශාල වන බවයි.

වායු දූෂණයේ මානව ප්‍රභවයන්

එළිමහන් වායු දූෂණය පිළිබඳ අධ්‍යයනයන් අනුව පෙනී ගොස් ඇත්තේ විවිධ මානව ක්‍රියාකාරකම් මගින් මෙය ප්‍රභවය ලබන බවයි. විශේෂයෙන් ම විදුලිය නිෂ්පාදනයට ලබාගන්නා ගල්අඟුරු බලාගාරවල අංශු, බිලියන ගණනක දුප්පත් පවුල්වල ආහාර පිසීම සඳහා සහ උණුසුම් කිරීම සඳහා ඉන්ධන ලෙස භාවිතා කරන ලී, ගල්අඟුරු, බෝග, අපද්‍රව්‍ය සහ ගොම දහනය කිරීම මේ වායු දූෂණයට හේතුකාරක වෙයි. කර්මාන්තශාලා සහ රථවාහන ධාවනය ද තවත් වායු දූෂණ ප්‍රභවයකි.

ස්වභාවික වායු දූෂණයේ විශාලතම ප්‍රභවය වන්නේ ලෝකයේ කාන්තාරවල වාතයෙන් පිටවන දුවිල්ලයි. මෙම අංශු පදාර්ථ ලෝකයේ ශුෂ්ක කලාපවල මිනිසුන්ගේ සෞඛ්‍යයට අතිවිශාල තර්ජනයකි. දෙවන ප්‍රධානන ස්වභාවික ප්‍රභවය වන්නේ වනාන්තර සහ තණබිම්වල ලැව්ගිනි හේතුවෙන් නිකුත්වන දුමයි. අතිරේක ස්වභාවික මූලාශ්‍රය වන්නේ මුහුදු ජල අංශු , ශාක පරාග සහ ගිනි කඳු ක්‍රියාකාරීත්වයයි.

මේ ස්වභාවික වායු දූෂකවලට නිරාවරණය වීම අවම කරගැනීමට නම් හොඳ පිරිසිදු නිවාසවල ජිවත් විය යුතුය. ඒවාට නිරාවරණය නොවිය යුතුය. මේ දූෂක ඉහළ සාන්ද්‍රණයක් ඇති කාලවල දී එළිමහේන අඩු කාලයක් සහ ගෘහස්ථව වැඩි කාලයක් ගත කිරිමෙන් සහ සුදුසු වායු පෙරණ භාවිතය තුළින් යම් වෙනසක් කරගත හැකිය.

නමුත් වායු දූෂණයේ මානව ප්‍රභවයන් ගැන අප වඩාත් උනන්දු විය යුතුය. ඒ සඳහා අප තාක්ෂණය වෙනස් කළ යුතුය. විදුලිය නිපදවීමට, ආහාර පිසීමට, නිවෙස් උණුසුම් කිරීමට, ආහාර නිෂ්පාදනයට සහ ප්‍රවාහනය සඳහා බලගැන්වීම් වෙනුවෙන් භාවිත තාක්ෂණය වෙනස් කිරීමට සිදුවෙයි.

මානව ප්‍රභව විසින් සකසන වායු දූෂණය හේතුවෙන් වසරකට අකාලයේ මියයන සංඛයාව ලක්ෂ 55කි. කෘෂිකර්මාන්තය, නේවාසික බලශක්ති භාවිතය, ෆොසිල නොවවන කාර්මික විමෝචනය සහ ෆොසිල ඉන්ධන දහනය නිසා ඇතිවන වායු දූෂණය මෙයට ඇතුළත් වේ.

ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් සිදුවන මරණ සඛ්‍යාව පමණක් ලක්ෂ 36ක් බව සොයාගෙන ඇත. එයින් පෙනී යන්නේ ෆොසිල ඉන්ධන බලශක්තියක් ලෙස භාවිතා කිරීමෙන් වැළකී වෙනත් ප්‍රභවයන් ඇතිකළහොත් වසරකට පුද්ගලයන් ලක්ෂ 36ක් පමණ මියයාමෙන් වළක්වාගත හැකි බවයි.

ෆොසිල ඉන්ධනවලින් සිදුවන මරණ සංඛ්‍යාව ලෝකයේ සියලුම මිනීමැරුම්, යුද මරණ සහ ත්‍රස්තවාදී ප්‍රහාවල වාර්ෂික මරණ සංඛ්‍යාව මෙන් 06 ගුණයකටත් වඩා වැඩිය.

සියලුම වායු දූෂණ ප්‍රභවයන්ගෙන් සිදුවන මරණ සංඛ්‍යාව –  ලක්ෂ 70

එළිමහන් වායු දූෂණයෙන් සිදුවන මරණ සංඛ්‍යාව – ලක්ෂ 42

ගෘහස්ථ වායු දූෂණයෙන් සිදුවන මරණ සංඛ්‍යාව – ලක්ෂ 38

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!