-2.5 C
New York

කාන්තාවගේ ඝාතන අබිරහස පොලිස් නිල සුනඛයා විසඳයි

Published:

මහනුවර අලවතුගොඩ දී විවාහක කාන්තාවක් ඝාතනය කළා යැයි සැකපිට යුද හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පෙපාලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා රාජකාරී අතරතුර වෙඩි වැදී පාදයක් තුවාල වීම හේතුවෙන් සැහැල්ලු රාජකාරීවලට යොමුකර සිටි අයෙකි.

සිකුරාදා (10) රාත්‍රියේ සැමියා නිවසින් බැහැරව ගොස් ආපසු පැමිණි අවස්ථාවේ දී තම බිරිඳ නිවසේ නොසිටි බැවින් ඒ බව අවට පදිංචිකරුවන්ට සහ ඥාතීන්ට පැවසීමෙන් පසු නිවසට ආසන්න කුඹුරක මඩේ ඔබා තිබූ සිරුර ඊයේ (11) දහවල් සොයා ගැණිනි. මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන පොලිස් සැකය එල්ල වී තිබුණේ සැමියා වෙත වුව ද පොලිස් නිල සුනඛයා ඒ සැකයට විසඳුම් ලබාදෙමින් ඝාතකයා අල්ලා ගැනිමට උපකාර කළ බව පොලිසිය පවසිය.

නිල සුනඛයා ඝාතනය සිදුව තිබූ ස්ථානයේ සිට කිලෝ මීටර 03ක් පමණ ගොස් නිවසකට ඇතුළු වී කාමරයක නිදාගෙන තිබිණි. එම කාමරය සැකකාර හමුදා සාමාජිකයාගේ‍ ය. ඔහු 38 හැවිරිදි වියේ පසුවන අතර මියගිය කාන්තාවට අවස්ථා කිහිපයක දී ම විවිධ බලපෑම් කර ඇතැයි ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

Related articles

Recent articles

spot_img