-0.7 C
New York

පළාත් පාලන මැතිවරණය නෑ ?

Published:

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම තවදුරටත් ප්‍රමාදවන බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේපවසයි.

දැනට රජයේ මුද්‍රණාලය විසින් සිදුකර ඇති මූළික  කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 20ක මුදලක් ලැබිය යුතු බවත්, නමුත් මෙතෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට ලැබී ඇත්තේ රුපියල් කෝටි 04ක් පමණක් බවත් ඇය පවසයි. මුදල් ලැබීම මෙතෙක් සිදුව නැති බැවින් ඉදිරි කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ද ඇය කීවාය.

රජයේ මුද්‍රණ දෙපාර්ත්මේන්තුව විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණයේ රජයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි 50ක මුදලක් වැය වෙයි. ඒ බව රජයේ මුද්‍රණාලය විසින් පසුගිය 08 වැනි දා මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබිණි. මෙතෙක් එම දැනුම් දීම සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට නම් අවම වශයෙන් රුපියල් කෝට 20ක මුදලක් මුද්‍රණාලයට මුදල් අමාත්‍යාංශයෙන් ලැබිය යුතු බව ද මුද්‍රණාලයාධිපතිනිය පවසයි.

එම මුදල ඉදිරි සතියේ දී නොලැබෙන්නේ නම් ලබන 20 වැනි දා ට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමට හැකියාවක් නැතැයි ද ඇය කීවාය.

මාර්තු මස 20 වන‍දාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත නොලැබුණහොත් මාර්තු 28 වන දින සිට පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳ තවදුරටත් ගැටලුවක් පවතී.

Related articles

Recent articles

spot_img