-0.7 C
New York

ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවෙන්න යන දේ ගැන ඇමති කියයි

Published:

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය කංචන වි‍ජේසේකර පවසයි.

එහි පළමු පියවර ලෙස සාමූහික ගිවිසුම්වලින් ඉවත්වීම සහ මූල්‍ය පාලනය පිළිබඳ අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගන්නා බව අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත. මේ සම්බන්ධයෙන් කාල රාමු සැකසීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර පාර්ලිමේන්තු පනතක් ඉඉදිරිපත් කිරීමට ද නියමිතය.

රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම කාර්යය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකානු නියෝජිත ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජයිකා ආයතනය සහය ලබාදීමට තීරණය කර ඇති බවයි. එම ආයතනවලින් මූල්‍ය, මානව සම්පත් හා වත්කම් යන අංශ තුනම විගණන කර අදාල ඉදිිරි සැළසුම් සකස් කිරීමතට්, නීති සම්පාදනයටත් සහයෝගය ලැබෙන බව අමාත්‍යවරයා පවසයි.

Related articles

Recent articles

spot_img