-0.7 C
New York

රට පුරා වායු දූෂණය යළි ඉහළට. කොළඹ, පුත්තලම, ගාල්ල පෙරමුණේ

Published:

කොළඹ, පුත්තලම, ගාල්ලේ කරාපිටිය සහ පොළොන්නරුව ප්‍රදේශවල වායු දූෂණය අද (11) විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කොළඹ නගරයේ සහ පුත්තලම නගරයේ වායු ගුණ තත්ව දර්ශකය සඳහන් වූයේ ඒකක 149ක් ලෙසිනි.

ගාල්ලේ කරාපිටිය සහ පොළොන්නරුව නගරවල එම අගය ඒකක 143ක් ලෙස සටහන් විය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය සඳහන් කරන්නේ අද දිනයේ නුවරඑළිය හැරුණු විට දිවයිනේ අනෙකුත් සියලු ප්‍රදේශවල වායු දූෂණ මට්ටම සංවේදී පුද්ගලයන්ගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් එල්ලවිය හැකි තත්වයක  පැවති බවයි.

අමෙරිකානු වායු ගණ තත්ව දර්ශකය අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අද වායු ගුණ තත්වය ඒකක 83ක පැවතිණි.

Related articles

Recent articles

spot_img