1.4 C
New York

විදුලිබිලට විරෝධය දක්වා උද්ඝෝෂණයක්

Published:

විදුලි බිල අඩුකරන ලෙස ඉල්ලා ගාල්ල, වක්වැල්ල, මොල්ලිගොඩ හන්දියේ ඊයේ (10) රාත්‍රී උද්ඝෝෂණයක් පැවැත්විණි.

සෑම දිනකම පාහේ රට පුරා තැන්තැන්වල මෙවැනි උද්ඝෝෂණ පැවැත්වෙන අතර මෙම උද්ඝෝෂණයට පැමිණි ගැමියෝ පන්දම් පත්තුකරගෙන පාර අයිනේ සාමකාමී විරෝධතාවක නිරතවූහ.

මේ දිනවල විදුලි බිල් නිවාසවලට ලැබෙමින් පවතින අතර පෙර මාසවලදී ට වඩා එම බිල්පත් කිහිප ගුණයකින් වැඩි වී තිබේ. එලෙස වැඩි වී ඇත්තේ පසුගිය ‍ පෙබරවාරි මස 15 වැනි දා සිටය. 14 වැනිදා දක්වා පැරණි ගාස්තු යටතේ අයකිරීම් සිදුකර තිබේ. ඒ අනුව මේ දිනවල ලැබෙන බිල්පත් සම්පූර්ණ දින 30ක කාලය ම නව ගාස්තු ක්‍රමය යටතේ සැකසී නැත.

එළැඹෙන අප්‍රේල් මාසයේ දී සම්පූර්ණ දින 30 ම නව ගාස්තු යටතේ සකස්වන බිල්පතක් ලැබීමට නියමිත අතර එම බිල්පත් දැනට ලැබී ඇති බිල්පත්වලටත් වඩා ඉහළ අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related articles

Recent articles

spot_img