-0.7 C
New York

QR කේත ක්‍රමයෙන්, තෙල් තෙල් සේවකයන්ගේ මඩිය තර වූ හැටි ?

Published:

QR කේත ක්‍රමයට ලබාදෙන ඉන්ධන කෝටාව සෑම ඉරිදාවක ම මධ්‍යම රාත්‍රියෙන් පසු යාවත්කාලීන කිරීමේ කටයුතු සදහා යැයි පවසමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයෝ රුපියල් කෝටි 02කට ආසන්න අතිකාල මුදලක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

QR කේත ක්‍රමය හඳුන්වාදුන් දින පටන් එම කාර්යය සඳහා යැයි පවසමින් සෙනසුරාදා වරුවක් සහ ඉරිදා දිනයේ ඔවුන් අතිකාල සේවා සිදුකරමින් රුපියල් ලක්ෂ 195ක මුදලක් වැටුපට අමතරව ලබාගෙන ඇති බව අමාත්‍යාංශ ප්‍රකාශකයකු පවසයි. එමෙන්ම එම දිනවල දී විදුලිය, ජලය සහ සන්නිවේදන සඳහා වැයකර ඇති මුදල ද රුපියල් ලක්ෂ 100ක් පමණ බව පැවසේ.

මෙම අනවශ්‍ය වියදම් මඟහැරීම සඳහා QR කේතය යාවත්කාලීන කිරීම අඟහරුවාදා දිනය ලෙස වෙනස් කිරීමට කටයුතු කර තිබේ. කොළොන්නාව, මුතුරාජවෙල සහ ප්‍රාදේශීය ඩිපෝ 11ක අතිකාල සහ සෘජු වියදම් වශයෙන් මාසිකව වැයකරන රුපියල් ලක්ෂ 300ක මුදලක් ඉතිරිකිරීමට මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img