9.9 C
New York

අම්පාරේ නිදන් හෑරූ භික්ෂුවක් ඇතුළු 06ක් අත්අඩංගුවට

Published:

නිදන් හාරමින් සිටි භික්ෂුවක් ඇතුළු 06 දෙනකු අම්පාර, බක්මිටියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රෝග සුවපත් කිරීමේ හැකියාවකින් යුතු කණ්ඩායමක් ලෙස මොවුන් මෙම ප්‍රදේශයට පැමිණ නිදන් සෙවීමේ නිරතවී ඇති බව ද වාර්තා වේ. අත්අඩංගුවට ගත් පිරිස මහියංගණය, ගිරාඳුරුකෝට්ටේ සහ හසලක යන ප්‍රදේශවල පදංචිකරුවෝය.

කැලෑබද ප්‍රදේශයක පිරිසක් නිදන් සොයා පොළව හාරමින් සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. වළක්හාරා පොළොවයට ලෝහ සංවේදී උපකරණයකින් නිරීක්ෂණය කරමින් සිටිය දී මෙම පිරිිස අත්අඩංගුවට පත්වූ බවත් එම උපකරණය ද අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img