spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අඩු වැඩි වූ හැටි

පුවත්

විදෙස්

ගත වූ වසර 20ක කාලයේ දී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පිළිබඳ අධ්‍යයනයක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ factseeker විසින් සිදුකර තිබේ. එම සොයාබැලීම අනුව ශ්‍රී ලංකාව සතුව වැඩිම විදේශ විනිමය සංචිතයක් තිබී ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන කාලයට අයත් 2014 වර්ෂයේ දී ය. එම ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.32කි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව සිටිය දී 2017 වර්ෂයේ දී ඩොලර් බිලියන 7.03ක විදේශ විනිමය සංචිතයක් ශ්‍රී ලංකාව සතුව තිබී ඇත. එම වර්ෂ දෙක හැරුණු විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ගත වූ වසර 20ක කාලයේ කිසිම දිනක ඩොලර් බිලියන 07 ඉක්මවා නැත.

2002 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ විදේශ මුදල සංචිත පිළිබඳ පහත දක්වා ඇති ප්‍රස්ථාරය සකසා ඇත්තේ ශ්‍ර්‍රී ලංකා මහ බැංකුවේ දත්ත ඇසුරෙන් බව factseeker පවසයි.

ඒ අනුව 2002 දී ඩොලර් බිලියන 1.6 ක්ව පැවැති විදේශ සංචිත 2005 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන කාලය අවසන් වන විට ඩොලර් බිලියන 2.65 දක්වා ඉහළ ගොස් තිබී ඇත.

2005 දී මහින්ද රාජපක්ෂ පාලනය භාර ගත් පළමු වසරේදී  විදේශ සංචිත ඩොලර් බිලියන 2.73 ක් ලෙස පැවැති අතර ඔහු 2015 දී පාලන කාලය අවසන් කරන විට එය ඩොලර් බිලියන 6.54 ක් දක්වා වර්ධනය වී තිබිණි. ගතවූ වසර 10 ක කාලය තුළ වැඩිම විදේශ සංචිත ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2014 වසරේදී ය. ඒ ඩොලර් බිලියන 7.32 ක් ලෙසය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් ව ගතවූ දෙවැනි වසරේදී එනම් 2016 දී විදේශ සංචිත ඩොලර් බිලියන 5.19ක් වශයෙන් වාර්තා වූ අතර 2020 වසරේදී එය ඩොලර් බිලියන 6.69 ක් විය. 2017 වසරේදී ද ඩොලර් බිලියන 7.03 ක් විදේශ සංචිත රට තුළ තිබූ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂගේ පාලනය භාරගන්නා 2020 වසරේදී   ඩොලර් බිලියන 5.26ක් ලෙස තිබූ විදේශ මුදල් සංචිතය 2022 දී ඩොලර් බිලියන 1.89 ක් දක්වා පහත වැටී ඇත. ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මාසයේදී ජනාධිපති ධූරයෙන් ඉවත් වන අතර ජූලි 21 දා රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපති ධූරයට පත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!