කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 24,415ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,493ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,703ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේලීස් සමාගම රුපියල් මිලියන 285
- රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 202
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 140
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඇලුමැක්ස් සමාගම කොටස් මිලියන 13
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 08
- රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- නේෂන්ස් ලංකා සමාගම 20%
- ලංකා ටයිල් සමාගම 17%
- කෙල්සි ඩිවෙලොප්මන්ට් සමාගම 16%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- හේලීස් සමාගම කොටස් මිලියන 2.8ක් රුපියල් 78.00 බැගින්
- ලංකා අයිඕසී සමාගම කොටස් 194,000 රුපියල් 200.00 බැගින්
- හැටන් නැෂනල් බැංකුව කොටස් 200,000ක් රුපියල් 135.00 බැගින්
- මෛල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 1.64ක් රුපියල් 60.00 බැගින්
- රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 34.00 බැගින්
- ඇලුමැක්ස් සමාගම කොටස් මිලියන 4.2ක් රුපියල් 8.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 295
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 208
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 197
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 268 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 247ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 96
- බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 19
- හේලීස් සමාගම රුපියල් මිලියන 17
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 98
- ඩයලොග් අසියාටා සමාගම රුපියල් මිලියන 40
- ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ