-2.5 C
New York

සාමාන්‍ය පෙළ යළි කල්යයි ?

Published:

අපොස සාමාන්‍ය පෙළ විභාගය යළි කල්දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (09) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි.

එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා කීවේ පසුගිය දා පැවැති උසස් පෙළ විභාගයේ අගයීම් කටයුතු සැළසුම් කර ඇති ආකාරයට කිරීමට නොහැකි වුවහොත් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බවයි.

“විභාගයේ ප්‍රතිඵල ඇගයීම් කටයුතු නිශ්චිත කාලයේ දී අවසන් කරන්න ඕනේ. එසේ කරන්න බැරි වුණොත් ඊළඟට සැළසුම් කරලා තියෙන විභාගය කල් දාන්න සිදුවෙනවා. මේ විදියට විභාග කල් දාන්න සිදුවුවහොත් ඒක සාමාන්‍ය පාසල් අධ්‍යාපන කටයුතුවලටත් බලපානවා. ඒ නිසා අපි වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියා. මේ වෙලාවේ අප සමඟ එකඟ වෙලා විසඳුමකට එන්න කියලා. මේ දරුවන් වෙනුවෙන් එය කරන්න කියා අපි කිව්වා. දැනට දීමනා යම් ප්‍රමාණයකින් වැඩි කළා. අපි වෘත්තීය සමිති නිල වශයෙන් දෙපාරක් හමුවුණා. න‍ොනිල වශයෙනුත් ඉල්ලීම් කළා.”

Related articles

Recent articles

spot_img