-3.4 C
New York

කොටස් වෙළෙඳ පොළ තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 27,394ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,269ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,647ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 541
  • හේලීස් සමාගම රුපියල් මිලියන 424
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 170

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • එල්ඔ්එල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 08
  • සියාරා කේබල් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩර්ඩ්න්ස් සමාගම (වරණීය) 37%
  • ඩිමෝ සමාගම 20%
  • කලම්බු සිටි සමාගම 13%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම කොටස් මිලියන 3.95ක් රුපියල් 77.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් මිලියන 1.96ක් රුපියල් 135.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 200,000ක්  රුපියල් 150.00 බැගින්
  • එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් ලක්ෂ 04ක් රුපියල් 56.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 294
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 211
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 194

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 144 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 124ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 20ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීලීස් සමාගම රුපියල් මිලියන 50
  • හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 20
  • ලංකා වෝල්ටයිල්  සමාගම රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 32
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 27
  • සියරා කේබල් සමාගම රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img