spot_img

බස් රථ 50%ක් වායු දූෂණය කරයි

පුවත්

විදෙස්

බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලින් 50%ක් වායු දූෂණය සිදුකරන බව අහඹු ලෙස තෝරාගත් බස්රථවල වායු විමෝචනය පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් තහවරු වී ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අරමුදලේ අධ්‍යක්ෂ ඉංජිනේරු අයි.ජී.දසුන් ජනක පවසන්නේ බොහෝ බස්රථවලින් වායු දූෂණය සිදුකරන බව පෙනෙන්නට ඇති බවයි.

කොළඹ බැස්ටියන් මාවතේ සහ ගුණසිංහපුරයේ පුද්ගලික බස් නැවතුම්පොළවල බස් රථ අහඹු ලෙස තෝරාගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබේ.  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරියේ දී මෙවැනි බස් රථ හඳුනාගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කරන බවයි. වායු දූෂණය සිදුකරන බස්රථවල දෝෂ නිවැරදි කිරීමට සති දෙකක කාලයක් ලබාදෙන බවත්, දෝෂ නිවැරදි කර නොගන්නේ නම් පොලිසිය මගින් හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් අධ්‍යක්ෂවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles