spot_img
spot_imgspot_img

මැතිවරණයට සල්ලි නැති කතාව බොරුවක්. ඇත්ත මෙන්න (FactCheck මගින් තහවරු වෙයි)

පුවත්

විදෙස්

රටේ පවතින මුදල් අර්බුදය හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීමට මුදල් ලබාදීම මහා භාණ්ඩාගාරයට නොහැකි බවත්, එය දැඩි අභියෝගයත් බවත් මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ ජනවාරි 18 වැනි දා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය පිළිබඳ විස්තරයක් මාධ්‍ය හමුවේ තබමිනි. එය ජනවාරි 23 වැනි දා DailyFT  පුවත්පතේ මෙලෙස පළකර තිබිණි.

“2022 දී රජයේ ආදායම සහ වියදම අතර වෙනස 256%ක් හෙත් රුපියල් බිලියන 3,058ක් තරම් ඉහළ අගයක් වුණා. 2023 දී ආදායම ට්‍රිලියන 3.45ක් වේ යැයි රජය අපේක්ෂා කරන අතර එම වසර සඳහා රුපියල් ට්‍රිලියන 6.66ක හිඟයක් ඇති කරමින් වියදම රුපියල් ට්‍රිලියන 10ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ අනුව රටේ ආර්ථිකය පවත්වාගෙන යාම ඉතාමත් දුෂ්කර කරුණක්“

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් මගින් රාජ්‍ය මූල්‍ය තත්ත්වයෙහි විශාල පිරිහීමක් පෙන්නුම් කරන සංඛ්‍යා ඉදිරිපත් කෙරෙන අතර, මැතිවරණයක් සඳහා අරමුදල් ලබා ගැනීම මූල්‍යමය අභියෝගයක් වනු ඇති බවට භාණ්ඩාගාරය විසින් දක්වන ලද ස්ථාවරයට එමගින් රුකුලක් ලබා දී තිබිණි.

මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck.lk විසින් මුදල් අමාත්‍යාංශය (MoF) විසින් නිකුත් කරන ලද, 2023 වර්ෂය සඳහා අනුමත අයවැය ඇස්තමේන්තු පරිශීලනය කරන ලදි.

2023 දී මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,450ක් වන බවට ඇස්තමේන්තු කර ඇත. මෙම අගය රාජ්‍ය අමාත්‍යවරයා විසින් දක්වා ඇති සංඛ්‍යාව සමඟ බොහෝ දුරට සමපාත වේ. කෙසේ වෙතත්, 2023 සඳහා අයවැය හරහා දක්වා ඇති රජයේ වියදම රුපියල් බිලියන 5,854 ක් පමණක් වන අතර, එය රාජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි රුපියල් බිලියන 10,000 ක් නොවේ. ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ අතිශයොක්තියෙන් ගණන දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරමිනි.

එමෙන්ම, අයවැය හිඟය (ආදායම සහ වියදම අතර වෙනස) 2022 දී රුපියල් බිලියන 3,058 සිට 2023 දී රුපියල් බිලියන 6,662 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටී. කෙසේ වෙතත්, 2022 වර්ෂය සඳහා පුරෝකථනය කර තිබූ හිඟය (2022 දෙසැම්බර් මාසයේදී සම්මත කරන ලද අයවැය හරහා) රුපියල් බිලියන 2,347 ක් වූ අතර, 2023 සඳහා එය රුපියල් බිලියන 2,405 කි. එනම්, හිඟය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවට ඔහුගේ ප්‍රකාශය තුළින් කියැවෙන නමුත්, හිඟයේ ප්‍රමාණාත්මක වෙනසක් සිදු වී නොමැත.

ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන මගින් පවතින මූල්‍ය පීඩනය අතිශයෝක්තියට නැංවේ. ඔහු සඳහන් කර ඇති රජයේ වියදම 2023 දී අපේක්ෂිත වියදමට වඩා දෙගුණයකට ආසන්න වන අතර, හිඟය 2023 දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා තුන් ගුණයකට ආසන්න වේ.

එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි බව නිගමනය කළ හැකිය. රජයට මැතිවරණයක් පැවැත්වීමට මුදල් නැතැයි කීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අසත්‍ය කරුණු ගෙනහැර දක්වන බව එයින් පැහැදිළි වෙයි.

අංක 1 වගුව: 2021 සිට 2023 දක්වා රජයේ ආදායම සහ වියදම රුපියල් බිලියනවලින්

මූලාශ්‍රය

අනුමත අයවැය ඇස්තමේන්තු 2023, මුදල් අමාත්‍යාංශය, ප්‍රවේශය: https://treasury.gov.lk/api/file/e286b9e4-59b1-406f-b324-12f2b46969f2[අවසන් වරට ප්‍රවේශය 2023 පෙබරවාරි 2]

අනුමත අයවැය ඇස්තමේන්තු 2022, මුදල් අමාත්‍යාංශය, ප්‍රවේශය:
https://treasury.gov.lk/api/file/1d617e1d-482c-4adb-b652-1c58b4007895[අවසන් වරට ප්‍රවේශය 2023 පෙබරවාරි 2]

රජයේ මුල්‍ය සංඛ්‍යාලේඛන අත්පොත (GFSM) 2014, ප්‍රවේශය:
https://www.imf.org/external/Pubs/FT/GFS/Manual/2014/gfsfinal.pdf[අවසන් වරට ප්‍රවේශය 2023 පෙබරවාරි 2]

දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා, ප්‍රවේශය:
https://www.dailynews.lk/2023/01/19/law-order/295513/lg-polls-petition-sc-allows-treasury-secretary-file-affidavit http:/ /www.adaderana.lk/news/87750/මැතිවරණයට-අතිශයින්ම-අභියෝග-අතිරේක-අරමුදල් සුරක්ෂිත කිරීම-භාණ්ඩාගාර ලේකම්- කියයි-sc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!