-1 C
New York

මග කොට කොට යන්න ඉල්ලා 154 වර්ජනයේ

Published:

කිරිබත්ගොඩ සහ අඟුලාන අතර ධාවන වන මාර්ග අංක 154 බස් ගමන් වාරයක ධාවවන කාලය පැය 01යි විනාඩි 50 සිට පැය 02ක් දක්වා වැඩි කරන්නයැයි ඉල්ලා එම බස් සේවකයෝ අද (04) බස් වර්ජනයක නිරතවූහ.

මෙම බස් රථයේ ධාවන දුර කිලෝ මීටර 26කි. මීට පෙර ම දුර ධාවනය කිරීම සඳහා ලබා දී තිබූ කාලය පැය 01යි විනාඩි 35කි. පසුව බස් සේවකයන්ගේ ඉල්ලීම අනුව පැය 01 විනාඩි 50ක කාලයක් දක්වා වැඩි කරන ලදී.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කළමනාකරු (II) තිලක් වීරසිංංහ පවසන්නේ මෙලෙස කාලය දීර්ඝ කිරීමට බස් හිමියන් සහ සේවකයන් ඉල්ලා සිටිය ද එමගින් මගී ජනතාව දැඩි අපහසුතාවකට ලක්වන බවයි.

154 මාර්ගයේ ධාවනය වන බස් රථ ඉතා හෙමින් ධාවනය කරන බවත්, බොහෝ වේලාවක් තැන් තැන්වල නවත්වාගෙන සිටින බවත් මගීන් නිතර නිතර පැමිණිලි ලැබී ඇති බවත් ඔහු කියා සිටියේය. මෙම මාර්ගයේ බස් රථ 70ක් දිනකට ධාවනය වෙයි.

Related articles

Recent articles

spot_img